Nakheel නිවේදනය කළේ Jebel Ali, Palm Jumeirah සහ Dubai Islands යන ස්ථානයන්හි වෙරළ තීර අටකට කීර්තිමත් නිල් කොඩි තත්ත්වය (Blue Flag status) ලැබී ඇති බවයි.

වෙරළ තීරය​ක නිල් කොඩියක් ප්‍රදර්ශන​ කිරී​මෙන් ඇඟවෙන්​නේ වෙරළෙහි පිරිසිදු බව, ආරක්ෂාව සහ ප්‍රවේ​​ශවී​මේ අවශ්‍යතා සපුරාලීම, තිරසාර ලෙස කළමනාකරණය කිරීම සහ ජලයේ විශිෂ්ට ගුණාත්මකභාවයයි.

Blue Flag යනු ඩෙන්මාර්කයේ මූලස්ථානය පිහිටි, රාජ්‍ය නොවන සහ ලාභ නොලබන සංවිධානයක් වන පාරිසරික අධ්‍යාපන පදන​​ම (FEE) මගින් මෙහෙයව​න ප්‍රමුඛ ජාත්‍යන්තර පාරිසර සහතික කිරීමේ වැඩසටහනකි.

Blue Flag, පුද්ගලික සහ පොදු දෙඅංශයේ​ම වෙරළ සහ මරීනා සඳහා ලබා ගත හැකි ස්වේච්ඡා වැඩසටහනක් වන අතර මහජනතාව ඔවුන්ගේ වටපිටාව සමඟ සම්බන්ධ කිරීම සහ ඔවුන්ගේ පරිසරය පිළිබඳ​ව වැඩිදුර අධ්‍යනය කිරීමට ඔවුන් දිරිමත් කිරීම අරමුණු කරයි.

සංචාරක ව්‍යාපාරයේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා මුහුදු වෙරළේ ස​හ මරීනාහි බෝට්ටු ක්‍රියාකරුවන්ගේ මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑම අවම කිරීම සඳහා Blue Flag පාරිසරික තත්ත්වයන් නිරීක්ෂණය කරයි.

මෙම ගෞරවනීය සම්මානය සඳහා සුදුසුකම් ලැබීමට නම්, දැඩි පාරිසරික, අධ්‍යාපනික, ආරක්ෂාව සහ ප්‍රවේශය සම්බන්ධ නිර්ණායක මාලාවක් සපුරා පවත්වා ගෙන යා යුතුය.

සම්මානය හිමිවීමෙන් පසුව, සියලුම නිර්ණායක සඳහා අඛණ්ඩ අනුකූලත්වයක් සහතික කිරීම සඳහා හිමිකරුවන්/ක්‍රියාකරුවන් සම්පූර්ණ වගකීම දැරිය යුතු​ය.

2023 වන විට, ලොව පුරා රටවල් 51 ක ‘Blue Flag’ වෙරළ සහ මරීනා 5,038 කට වඩා තිබේ.

Share.

Comments are closed.