වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය  චින්තන පෙරේරා ඉන්දියාවේ දඹදිව ඇතුළු විදේශ සංචාරවල යෙදෙන ජනතාවගෙන් මුඛ ආවරණ පළඳින ලෙස ඉල්ලා ඇත. විදේශ සංචාරවලදී අසනීප තත්වයක් ඇති වුවහොත් වහා වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.

මේ අතර රටේ කොව්ඩ් තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා කියා සිටියේ රට පුරා විවිධ ප්‍රදේශවලින් ජෛව පටල නියැදි ලබාගෙන ඒවා පරීක්ෂා කරගෙන යන බවයි. නව  වයිරස ප්‍රභේදයේ පැතිරීම ගැන ඒ අනුව ඉදිරියේදී දැනගත හැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

තවද කොවිඩ් පිළිබඳ ආවේක්ෂණ කටයුතු රට පුරා කරගෙන යන බවද ඔහු කීවේය. කොව්ඩ් රෝගය දැන් මතු වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව වැනි කුඩා අසනීපයක් ලෙස බවත් එවැනි අවස්ථාවලදී පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් නැති බවත් ඒ මහතා පැවසීය.කොවිඩ් ජාන විශ්ලේෂණ අවසාන පරීක්ෂණයේදී නව ප්‍රභේදය තවම හමුවී නැතැයිද  ඔහු සඳහන් කළේය.

Share.

Comments are closed.