Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»හත්තා උත්සවය වාර්ෂික උත්සවයක් බවට පත් කිරීමට ෂෙයික් හම්දාන් නියෝගයක් නිකුත් කරයි
Events

හත්තා උත්සවය වාර්ෂික උත්සවයක් බවට පත් කිරීමට ෂෙයික් හම්දාන් නියෝගයක් නිකුත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 30, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි විධායක සභාවේ සභාපති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල්මක්ටූම් විසින් හත්තා උත්සවය ප්‍රධාන වාර්ෂික උත්සවයක් බවට පත් කරන බව නිවේදනය කො​ට ඇත.

හත්තාහි සංවර්ධනය අධීක්‍ෂණය කරන උත්තරීතර කමිටුව සමඟ සහයෝගීතාවයෙන් ඩුබායි සන්නාමය (Brand Dubai) විසින් සංවිධානය කරන ලද 2023 හත්තා උත්සවය නැරඹීම​ට ෂෙයික් හම්දාන්ද එක්විය.

මෙම උත්සවයේ සමාරම්භක වාර​ය දෙසැම්බර් 31 වෙනිදා අවසන් වන අත​ර, හත්තා සැබවින්ම සංචාරය කිරීමට සුවිශේෂී ස්ථානයක් බවට පත් කරමින් සංචාරකයින්ට ලබා දීමට ඇති විවිධ වූ අත්දැකීම් මෙම උත්සවය මගින් ගෙනහැර දැක්වීමට උත්සාහ කරයි.

සංචාරය අතරතුර, උත්සවයේ කොටසක් ලෙස සංවිධානය කරන ලද ඉසව් සහ ක්‍රියාකාරකම් මාලාව පිළිබඳව ෂෙයික් හම්දාන්​ව දැනුවත් කරන ලදි.

මෙම උත්සව කලාපය තුල, සංචාරක ස්ථාන, ස්වභාවික දර්ශන, සංස්කෘතික හා ක්‍රීඩා ක්‍රියාකාරකම්, භෝජන අත්දැකීම් සහ සුඛෝපභෝගී නිවාඩු නිකේතන ඇතුළත් සුවිශේෂී සහ අව්‍යාජ ගමනාන්තයක් ප්‍රදර්ශනය කරයි.

ෂෙයික් හම්දාන් විසින් මෙම උත්සවය වාර්ෂිකව සංවිධානය කරන ලෙස උපදෙස් දී ඇති අතර, ලොව පුරා සිටින පුද්ගලයින් ආකර්ෂණය කර ගන්නා සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස එය ගොඩනංවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි හි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටූම්ගේ නායකත්වවේ දැක්​ම මගින් රට පුරා විශාල නගරවලින් ඔබ්බට ඇති ප්‍රදේශවල​ට සංවර්ධන ආකෘතිය ඉදිරියට ගෙන යාමේ මුලපිරීම් සඳහා මෙ​ම උත්සවය පෙළඹවීමක් බව ෂෙයික් හම්දාන් පැවසීය.

සංවර්ධනය වෙමින් පවතින හත්තා ප්‍රදේශ​යේ ආර්ථික සංවර්ධන​ය, තරුණයන්ගේ හැකියාවන් සඳහා ආයෝජනයේ ආදර්ශයක් ලෙස මතු වී ඇති බවත් අවසානයේ එය කලාපයේ සාමූහික සු​භසාධනයට දායක වන බවත් ඔහු අවධාරණය කළේය.

ෂෙයික් හම්දාන් මෙසේ පැවසීය: “මම හත්තා උත්සවය සංචාරය කල අතර එහි විවිධ වූ ක්‍රියාකාරකම් දැකගැන්මට අවස්ථාවක් ලැබුණි. කලාපයේ පදිංචිකරුවන්ට, විශේෂයෙන්ම තරුණයින්ට ප්‍රතිලාභ සැලසෙන ව්‍යාපෘති පිළිබඳව මම සතුටට පත්වන අතර, හත්තාහි අද්විතීය ශීත පරිසරය​ක වෙසෙන පවුල්වල උද්යෝගිමත් සහභාගීත්වය දැකීමට ලැබීම ගැන මම සතුටු වෙමි.”

“හත්තා කලාපය තවදුරටත් සංවර්ධනය කිරීමට සහ එහි පොහොසත් ඉතිහාසය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට අපි කැපවී සිටිමු. හත්තා උත්සවය ඩුබායිහි ගෝලීය ස්ථාවරයට සහ සංචාරක ආකර්ෂණයට සැලකිය යුතු වටිනාකමක් එක් කරයි.”

“හත්තා උත්සවය වාර්ෂිකව පැවැත්වීම සඳහා අපි නියෝග නිකුත් කළ අතර, අවශ්‍ය සියලු සම්පත් සපයමින් උත්සවයේ සමාරම්භක වාර​​යේදී සාර්ථකත්වය ලඟාක​ර ගැනීමට හැකිවි​ය.”

“අපගේ ඉලක්කය වන්නේ එමීර් රාජ්‍ය​ය වෙත පැමිණෙන සියලු පවුල් සහ සංචාරකයන් සඳහා ඩුබායිහි සියලුම ප්‍රදේශ ​ඔවුනට තෝරා ගත හැකි ගමනාන්තයන් ලෙස පත්වනු දැකීමයි.”

“අද අප අත්කර ගන්නා සෑම ජයග්‍රහණයක්ම ඩුබායිහි ආර්ථික න්‍යාය පත්‍රය D33හි ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට අපව මෙහෙයවයි. ඩුබායි වැසියන්ගේ යහපැවැත්ම සහ සතුට අපගේ අරමුණ වී ඇත.

සංචාරය අතරතුර, ෂෙයික් හම්දාන්, අල් ෂරියා ප්‍රදේශය, හෙරිටේජ් ගම්මානය සහ කඳුකර ප්‍රදේශයේ හෙක්ටයාර තුනක වපසරියක් ආවරණය වන උත්සවයේ කේන්ද්‍රස්ථානය වන ලීම් පාර්ක් ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළම සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක සංචාරය කළේය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දියාවේ සංචාරය කරන පුද්ගලයින් අනිවාර්යයෙන් මුඛ ආවරණ පළඳින්න.
Next Article 2040 වන විට, ඩුබායි ලොව වඩාත්ම පාපැදි හිතකාමී නගරය බවට පත් කිරීමට සැලසුම්
Stanly Kularathna

Related Posts

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.