ඇම්ස්ටර්ඩෑම් සහ කෝපන්හේගන් වැනි සුප්‍රසිද්ධ පාපැදි නගර අභිබවා යමින් ඩුබායි නගරය ප්‍රමුඛ පාපැදි හිතකාමී නගරයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් ඩුබායි විසින් අභිලාෂකාමී පාපැදි ප්‍රධාන සැලැස්මක් වන “ඩුබායි සයිකල් සිටි 2040” මෑතකදී නිවේදනය කර තිබෙනවා. URB විසින් යෝජනා කරන ලද, විස්තීරණ සැලැස්ම “The Loop” ලෙසින් හැඳින්වෙන කිලෝමීටර් 93 ක පාපැදි මාර්ගය ඇතුළත් වේ.

උපාය මාර්ගික නාගරික සංවර්ධනය

මෙම දූරදර්ශී සැලැස්ම මගින්, ප්‍රජාව සඳහා ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය ලෙස බයිසිකල් පැදීම සහ ඇවිදීම ප්‍රවර්ධනය කරමින් මිනිත්තු කිහිපයකින් අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමත් දෛනික ගමනාගමනය නැවත සකස් කිරීමත් අදහස් කරයි.

2040 වන විට ඩුබායි නගර​යේ ජනගහන වැඩිවීමක් අපේක්ෂා කරන බැවින්, මෙම මුලපිරීම ඩුබායිහි තිරසාරත්වය සහ හරිත සංචලනය සඳහා වූ කැපවීම සමඟ සමපාත වන අතර, දැනටමත් ඩුබායි පොලිසිය සහ කුලී රථ ඇණි සඳහා විද්‍යුත් වාහන භාවිතා කිරීම තුළින් වඩාත් පැහැදිලි වේ.

ප්‍රධාන යටිතල පහසුකම්

ප්‍රධාන සැලැස්මේ කේන්ද්‍රස්ථානය ව​න “The Loop”, කිලෝමීටර් 93ක් දිගු දේශගුණි​ක තත්වයන් පාලනය ක​ල අධිවේගී මාර්ගයකි. මිනිත්තු කිහිපයකින් ඇවිදීම සහ බයිසිකල් පැදීම හරහා ප්‍රධාන සේවාවන් සඳහා ප්‍රවේශය ලබා දෙමින් සෞඛ්‍ය සම්පන්න ප්‍රවාහන මාධ්‍යයක් සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. යෝජිත යටිතල පහසුකම් නාගරික කෘෂිකර්මාන්තය, සමාජ අවකාශයන් සහ අසල්වැසි ප්‍රදේශ සඳහා විවිධ පහසුකම් මීට ඇතුළත් වේ.

ප්‍රධාන ප්‍රදේශ හරහා සම්බන්ධතාවය

“The Loop”,  DIFC, Downtown, Business Bay, Dubai Marina, Expo City සහ තවත් වැදගත් ප්‍රදේශ සම්බන්ධ කිරීමට උපායශීලීව සැලසුම් කර ඇත, බයිසිකල් යටිතල පහසුකම් කිලෝමීටර 1,000 කට වඩා වැඩි වන අතර එ​ය ඇම්ස්ටර්ඩෑම් සහ කෝපන්හේගන් වල දිග ඉක්මවා යයි.

Share.

Comments are closed.