එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත ප්ලාස්ටික් සාප්පු බෑග් තහනමක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය රටතුල පරිසර දූෂණය අවම කිරීම අරමුණු කරගත් නවතම වැඩසටහනකි.

රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය විසින් කළ නිවේදනයකට අනුව, 2024 ජනවාරි 1 සිට එවැනි බෑග් ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ සංසරණය කිරීම නීතියෙන් තහනම් වේ. 2026 ජනවාරි 1 වැනිදා සිට ප්ලාස්ටික් කෝප්ප, පිඟන් සහ හැඳි ගෑරුප්පු සඳහාද එවැනිම තහනමක් ක්‍රියාත්ම​ක වේ.

ප්ලාස්ටික් බෑග් වඩාත් ගැටලුකාරී කසළ වර්ගයක් ලෙස හැඳින්වෙන අතර වීදි සහ ජල මාර්ග දූෂණය කරන අතර කුරුල්ලන්ට හා සාගර ජීවීන්ට හානි කරයි.

ප්ලාස්ටික් දිරාපත් වීමට දශක ගණනාවක් ගත වන අතර මසුන්, පක්ෂීන් සහ අනෙකුත් සතුන්ගේ ශරීර තුළ මයික්‍රොප්ලාස්ටික් ක්ෂුද්‍ර අංශු සොයාගෙන ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබිය ජුනි මාසයේදී තනි භාවිත ප්ලාස්ටික් සඳහා තහනමක් පැනවූ අතර ඩුබායි ජූලි මාසයේදී එවැනි බෑග් සඳහා ​ෆිල්ස් 6 ක් පමණ අය කිරීම ආරම්භ කරනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට අනුව වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 300ක් පමණ පරිසරයට එක්කරනු ලබයි.

Share.

Comments are closed.