ලෝකවාසීන් 2024 නව වසර පිළිගත්තේ මල් වෙඩි සංදර්ශන ඇතුළු විවිධ සැමරුම් අංග සමඟිනි. මුලින්ම නව වසර උදා වූයේ නවසීලන්තයටයි.
නවසීලන්ත වැසියෝ, ඕක්ලන්ඩ් නුවර පැවැත් වූ අලංකාර මල්වෙඩි සමඟ 2024 නව වසර පිළිගත්හ. පැවැත්වුණු මල් වෙඩි සංදර්ශනය, රාත්‍රී අහස ආලෝකමත් කළ අතර ලේසර් ආලෝකය සහ සජීවිකරණ සංදර්ශනයක් ද ඊට ඇතුළත් විය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර, සුප්‍රසිද්ධ ඔපෙරා රගහල අභියස මල් වෙඩි සංදර්ශක පැවැත්විණි. ඔපෙරා රගහලේ 50 වැනි සංවත්සරය මෙම 2024 වසරට යෙදී ඇති බැවින්, ඒ, නිමිත්තෙන් රිදී සහ රන් ගිනිකෙළි සංදර්ශනයක් සමඟින් නව වසර සැමරීම සිදුවිය. මෙට්‍රෝ මැනිලා, බැංකොක්, සෝල්, සිංගප්පූරුව, බෙයිජීං, නවදිල්ලි, මොස්කව්, ඉස්තාන්බුල් සහ ලෝකයේසෙසු ප්‍රධාන නගරවල වැසියෝ 2024 නව වසර පිළිගත්තේ මහත් උනන්දුවකිනි.

අවසන් වරට නව වසර පිළිගැනීමට සූදානමින් සිටින්නේ ඇමෙරිකාවේ වැසියන්‍ ය.

Share.

Comments are closed.