Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ශ්‍රී ලංකාවේ සරම්ප මඬින්න UNICEF සහය.
sri Lankan special

ශ්‍රී ලංකාවේ සරම්ප මඬින්න UNICEF සහය.

kumudikaBy kumudikaJanuary 5, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වන විට දිවයින පුරා පැතිරී යන සරම්ප රෝගය  පාලනය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව තුළ අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් (Supplementary Immunization Activity – SIA) ක්‍රියාත්මක කිරීම සඳහා UNICEF සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය ලබා දීමට කඩිනමින් ඉදිරිපත්ව තිබේ.

2023 වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ සරම්ප රෝගීන් 700 කට වැඩි පිරිසක් වාර්තා වී ඇත. මෙම අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනූව එහි පළමු අදියර සරම්ප රෝගීන් වැඩියෙන් වාර්තා වූ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ ඇතුළු ඉහළ ජන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්ක නවයක, මාස 6-9 අතර කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් ජනවාරි මස 6 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. මෙහි දෙවන අදියර ජනවාරි මස 20 වැනිදා සිට රට පුරා සිටින අනෙකුත් වයස් කාණ්ඩ වල දරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

මෙම අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සඳහන් කළේ ”ශ්‍රී ලංකාව තුළ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී UNICEF සංවිධානය වගේම WHO සංවිධානය ද වසර ගණනාවක් පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සමීප සහයෝගීතාවයන් ඇති කර ගනිමින් කටයුතු කර තිබෙනවා. මෙරටේ ඉහළ ප්‍රතිශක්තිකරණ ආවරණයක් තිබුනද, සරම්ප එන්නත ලබා නොදුන් දරුවන් අතර, විශේෂයෙන් දකුණු ආසියාණු කලාපය තුළ රෝග ව්‍යාප්තියක් ඇති විටකදී සරම්ප රෝගය මෙරට තුළද ව්‍යාප්තවීම සිදුවිය හැකියි. 2023 මැයි මස සිට මේ දක්වා සරම්ප රෝගීන් සංඛ්‍යාත්මකව අඩු පිරිසක් වර්තා වුවත්, මෙම තත්ත්වය බරපතල ලෙස සැලකිල්ලට ගත යුතුවෙනවා. එය පාලනය කිරීම සඳහා අවශ්‍ය සුදුසු පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලබන්නේ එම බැරෑරුම් තත්ත්වය අවම කරගැනීමටයි.”

”2020-2021 වසර වලදී ඇතිවූ COVID-19 වසංගත තත්ත්වය අතරතුර UNICEF සංවිධානය විසින් එන්නත්වල ගුණාත්මක භාවය රඳා පවත්වා ගැනීම සඳහා සීත ගබඩා උපකරණ පද්ධති ලබා දෙමින් ලබා දුන් සහය, මෙම අතිරේක ප්‍රතිශක්තිකරණ වැඩසටහන ගුණාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා ද මහඟු පිටුවහලක් වනු ඇත,”යි ස්කූග් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා එන්නත් කිරීමේ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”ප්‍රතිශක්තිකරණ කටයුතු ආවරණය කිරීමේදී 99% ඉක්මවා ගිය තවත් රටක් ලෝකයේ නැති තරම්. 99.9% ක ප්‍රතිශක්තිකරණ ආවරණයක් ලබා ගත් එකම රට ශ්‍රී ලංකාව බවට කිසිදු සැකයක් නැතුව විශ්වාසයෙන් යුතුව මම ප්‍රකාශ කරනවා. ඒ නිසා මෙම අතිරේක ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හරහා සරම්ප රෝගීන් වාර්තා වීම අඩු වනු ඇති බවට මම විශ්වාස කරනවා.”

සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත 1984 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හඳුන්වා දෙන ලදී. 2001 වසරේදී සරම්ප රෝගයට එරෙහි මෙරට ප්‍රජාව තුළ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට එම එන්නතෙහි දෙවන මාත්‍රාව හඳුන්වා දුනි. ඒ අනූව 2019 වසර වන විට ශ්‍රී ලංකාව සරම්ප රෝගයෙන් තොර රටක් ලෙස WHO සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණි. කෙසේ වෙතත් 2020 වසරේ සිට 2022 වසර දක්වා වූ කාලය තුළ ගෝලීය ප්‍රතිශක්තිකරණ ආවරණ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමින් පහත වැටීම, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාණු කලාපය තුළ ඇති බොහෝ රටවලට බලපෑ අතර, එම තත්ත්වය මෙරට සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමට හේතු වී තිබේ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ WHO සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය මෙසේ පැවසුවාය. ”රෝගය පැතිරීම සම්බන්ධයෙන් මේ වන විට සුළු සිද්ධීන් වාර්තා වී ඇති අතර, මරණ කිසිවක් වාර්තා වී නැහැ. කොහොම නමුත් සරම්ප කියන්නේ ප්‍රධාන ළමා රෝගයක් වුවත්, එය වළක්වා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යංශය ශක්තිමත් අයුරින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා අදියර දෙකක් යටතේ වේගවත්ව අතිරේක ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ලෙස අපි මෙම වැඩසටහන සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා; ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලයේ බෝවන රෝග දෙපාර්තමේන්තුවේ ප්‍රතිශක්තිකරණ සහ එන්නත් සංවර්ධන සම්බන්ධීකාරක, වෛද්‍ය විනෝද් කුමාර් බුරා මහතා; සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ මෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි සෙසු උපදේශකයින් සහ විශේෂඥයින් පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.

UNICEF සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම නව අතිරේක ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාව තුළ ඇතිවිය හැකි ඕනෑම සරම්ප රෝගයකට එරෙහිව ක්‍රියාත්මක වෙමින් එය වළක්වාලීමට කැපවී ක්‍රියා කරනු ලබයි. සරම්ප ඉතා ඉක්මනින් බෝවන රෝගයක් වන අතර, එහි ව්‍යාප්තිය වැලැක්වීමට විශාල ප්‍රතිශක්තිකරණ ආවරණයක් ලබා ගැනීම තුළින් හැකියාව පවතින බවට මීට පෙර ක්‍රියාත්මක කරනු ලැබූ සාර්ථක එන්නත් වැඩසටහන් මගින් තහවුරු වී තිබේ. එන්නත් කිරීමේ කඩිනම් අවශ්‍යතාවය සහ වැඩසටහනේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා උපාය මාර්ගික වශයෙන් මහජනතාව ඒ පිළිබඳව දැනුම්වත් කළ යුතු අතර ඒ සඳහා ප්‍රජාවන්ගේ සහභාගීත්වය වැදගත්වනු ඇති බව පාර්ශවකරුවන් සඳහන් කරයි.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනාධිපති අරමුදල පුළුල් කරයි.
Next Article එමීර් රාජ්‍ය කැබිනට් මණ්ඩලය 2024 වසරේ සංවර්ධන සැලැස්ම අනුමත කරයි.
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.