Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජනාධිපති අරමුදල පුළුල් කරයි.
Sri Lankan news

ජනාධිපති අරමුදල පුළුල් කරයි.

kumudikaBy kumudikaJanuary 5, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත. ඒ අනුව ජනවාරි 1 වැනිදා සිට මෙම වැඩිවීම ක්‍රියාත්මක වේ. එසේම 2024 වර්ෂයේ සිට ජනාධිපති අරමුදල විසින් මහජනතාව වෙත සලසනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කරමින් කාර්යක්ෂමව ඉටුකිරීමට  පියවර ගෙන තිබෙන බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග සඳහා ද වෛද්‍යාධාර ලබා දීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. වයස අවුරුදු 21ට අඩු පිරිස් සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමටත් කටයුතු කෙරෙනු ඇත.

රෝගීන්ට වෛද්‍යාධාර ලබා ගැනීමට නගරයට පැමිණිම අවම කිරීම සඳහා දිවයින පුරා රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කිරීමේ පහසු ක්‍රමවේදයක් ද 2024 සිට ක්‍රියාත්මක වේ. දැනට කරාපිටිය රෝහලේ ක්‍රියාත්මක වන රාජකාරී වේලාවෙන් පසුව හෘද සැත්කම් කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව මෙම වසරේ සිට වැඩි කරනු ලබන අතර මෙම ක්‍රමවේදය වෙනත් රෝහල් සඳහාද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

කුඩා ළමුන් සඳහා රාගම රෝහලේ දී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර ගෙවීම ද මෙම වසරේ සිට සිදු කෙරෙන බව වාර්තා වේ. 
තවද පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් සිදු කරන පිළිකා සැත්කම් සඳහා මෙතෙක් වෛද්‍යාධාර ලබා දී නොතිබු නමුත් මෙම වසරේ සිට ඒ සඳහා වෛද්‍යාධාර ගෙවීම සිදු කෙරේ. 

පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලට අමතරව රජයේ රෝහල්වලින් ද සිදු කරනු ලබන ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමට පෙර සහ පසුව පෞද්ගලික අංශයයෙන් සිදුකර ගනු ලබන වෛද්‍ය පරීක්ෂණ සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමට කටයුතු කෙරෙනු ඇත. එමෙන්ම වෛද්‍යාධාර ලබාදීමේ දී රෝගීන්ගේ පවුල් ඒකකයක් සඳහා දැනට සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව මෙම වසරේ සිට රුපියල් ලක්ෂ 2ක් දක්වා වැඩි කිරීමට  තීරණය කර ඇත.එමඟින් වෛද්‍යාධාර ලබා ගැනීමට අවශ්‍ය මධ්‍යම පාන්තික ජනතාව සඳහා  ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා ගැනීමේ හැකියාව ලැබේ.

2022 අගෝස්තු මස සිට ගෙවීම් සිදු නොකර ගොඩගැසී තිබූ වෛද්‍යාධාර අයදුම්පත් 8000කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව එම වර්ෂය අවසන් වන විට වෛද්‍යාධාර අයදුම්පත් 12,000කට ආසන්න ප්‍රමාණයක ගෙවීම් සිදු කර තිබෙන අතර ඒ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 1,342කි.

2023 වර්ෂය සඳහා වෛද්‍යාධාර අයදුම්පත් 3458ක් ලැබී තිබූ අතර එම අයදුම්පත් සියල්ලම සඳහා දැනට ගෙවිම් සිදු කර අවසන්ව තිබේ. ඒ සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 844.7කි.
වෛද්‍යධාර ගෙවීමේ දී පැවති අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා වෛද්‍යාධාර ප්‍රතිපූරණය කර ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රය යාවත්කාලීන කරන ලද අතර නිසි පරිදි සම්පූර්ණ කර අඩුපාඩු රහිතව ජනාධිපති අරමුදල වෙත බාරදෙනු ලබන වෛද්‍යාධාර අයදුම්පතක් සඳහා වැඩ කරන දින තුනක් ඇතුලත ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි. 

එමෙන්ම සැත්කම්/ ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන රෝගීන් සඳහා අවශ්‍ය වගකීම් සහතික පැය කිහිපයක් ඇතුළත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බවත් ඒ අනුව එම රෝගීන් රෝහල් ගත වී වෛද්‍ය පහසුකම් ලබාගෙන රෝහල් වලින් පිටව යාමේදී අරමුදල විසින් ගෙවීමට එකඟ වූ මුදල එම වෛද්‍ය බිල්පත් වලින් අඩු කිරීමට රෝහල් විසින් කටයුතු කරනු ලැබෙන බවත් ජනාධිපති කාර්යාලය කියයි. ඒ අනුව අයැදුම්කරුවෙක් සිය  කාර්යයන් ඉටුකර ගැනීම සඳහා එක් වරක් පමණක් ජනාධිපති අරමුදල වෙත පැමිණීම ප්‍රමාණවත් වන අතර කිසිදු අයදුම්කරුවෙකු අනවශ්‍ය ලෙස අරමුදල වෙත කැඳවිමට හෝ අපහසුතාවයට ලක්වීම සිදු නොවන බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා කියා සිටී.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලබන මස සිට වාහන ලියාපදිංචි සඳහා බදු අංකය අනිවාර්යය කෙරේ.
Next Article ශ්‍රී ලංකාවේ සරම්ප මඬින්න UNICEF සහය.
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.