විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුත්තක් මේ වන විට විවෘතව ඇත. මේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු යවන්නෙකු වන දිල්ෂාන් මදුශංක ICC හොඳම නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී සිටී.

කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ICC වසරේ හොඳම ක්‍රීඩිකාව, වසරේ හොඳම එක් දින ක්‍රිඩිකාව සහ වසරේ හොඳම T 20 ජාත්‍යන්තර ක්‍රීඩිකාව යන අංශ තුන සඳහා නිර්දේශ ලබා ඇතැයි වාර්තා වේ.
ඔවුන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් සභාව මෙහිදී ලබා දී ඇත. ඒ අනුව පහත සබැඳිය මඟින් ඔබේ මනාපය මේ සඳහා පලකල හැකියි.

https://www.icc-cricket.com/awards/icc-awards-2023

Share.

Comments are closed.