ඇලස්කා ගුවන් සේවය සතු බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානයක බඳෙහි දොරක කොටසක් පසුගිය සිකුරාදා උඩු ගුවනේදී ගැලවී යාම හේතුවෙන් එම මාදිලියට අයත් ගුවන් යානා පියාසර කිරීමට ලබා දී ඇති අවසර තාවකාලිකව අත් හිටුවීමට ඇමෙරිකානු බලධාරීන් තීරණය කර තිබේ.

ගෙවුනු සිකුරාදා රාත්‍රියේ ඇමෙරිකාවේ පොර්ට්ලන්ඩ් ගුවන් තොටුපොළෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ ඔන්ටාරියෝ බලා පියාසර කිරීම ආරම්භ කළ ඇලස්කා ගුවන් සේවයේ බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානයක බඳෙහි දොරක කොටසක් ගැලවී යාම හේතුවෙන් නැවතත් පොර්ට්ලන්ඩ් ගුවන් තොටුපොළ වෙත එම ගුවන් යානය ගොඩබැස්වීමට ගුවන් නියමුවන්ට සිදු විණි.
පොර්ට්ලන්ඩ් ගුවන් තොටුපොළෙන් පියාසැරිය ආරම්භ කර කිලෝ මීටර 4.8 ක් පමණ පියාසර කරන විට බෝයිං 737 ගුවන් යානයෙහි දොරක කොටසක් ගැලවී ගොස් ඇති අතර එම අවස්ථාවේ මගීන් 171 දෙනකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනකු ගුවන් යානයේ ගමන් කර ඇත.

ගුවන් යානය තුළ පීඩනය සීඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් ළමයකුගේ ඇඳුම් ඉරී ගොස් ඇති අතර ඔක්සිජන් වෙස් මුහුණු පහළට වැටී ඇතත් සිදු වීමෙන් මගීන් දැඩි කම්පනයකට ලක්ව ඇති නමුත්  කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැත.
මෙම සිදුවීම හේතුවෙන් බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානා පියාසර කිරීමට අවසර ලබා දීම එම ගුවන් යානා සම්පූර්ණයෙන්ම පරික්ෂාවකට ලක් කරන තෙක් තාවකාලිකව අත් හිටුවීමට ඇමෙරිකානු ෆෙඩරල් බලධාරීන් තීරණය කර ඇත.එම තීරණය ලොව පුරා බෝයිං 737 ගුවන් යානා 171 කට පමණ බලපාන බවත් එක් ගුවන් යානයක් සම්පූර්ණයෙන් පරික්ෂා කිරීමට පැය 8 ත් 9 ත් අතර කාලයක් ගතවන බවද ෆෙඩරල් බලධාරීන් කියා සිටියහ.

Share.

Comments are closed.