Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජෝර්දානයේ වසා දැමූ ලාංකික කම්හල් සේවකයින්ට අමාත්‍යවරයා සහය දක්වයි.
Sri Lankan news

ජෝර්දානයේ වසා දැමූ ලාංකික කම්හල් සේවකයින්ට අමාත්‍යවරයා සහය දක්වයි.

kumudikaBy kumudikaJanuary 13, 2024Updated:January 13, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීමෙන් එහි සේවකයන් ඉවත් කිරිමේ තත්ත්වය සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය අවධානය යොමු කර ඇත.ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හා ජොර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාල නිලධාරින්ට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ඔහු උපදෙස් ලබා දි තිබේ.

අදාළ ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් සේවකයන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ එහි කම්කරු සුභසාධන අංශය එක්ව එරට කම්කරු දෙපාර්තමේන්තු බලධාරින් සමග සාකච්ඡා කොට තිබේ. එහිදි අදාල බලධාරීන් මෙම ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට පිටත් කිරිම සඳහා ගුවන් ටිකට් පත් ලබා දිය හැකි බව ප්‍රකාශ කර ඇත.

නමුත් ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සහ එහි කම්කරු සුභසාධන අංශය ඉන් සෑහීමට පත් නොවීය. ඉන්දිය හා බංග්ලාදේශ යන රටවල නියෝජනය කරන ජෝර්දානයේ සිටින තාතාපතිවරුන් සමග එක්ව එරට කම්කරු අමාත්‍යාංශ නිලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ ගුවන් ටිකට් පත්වලට අමතරව මෙම සේවකන්ගේ හිඟ වැටුප් හා දීමනා සමග සමාජ රක්ෂණ අරමුදල මගින් වන්දි ලබා දෙන ලෙසය. මෙම ශ්‍රමිකයින්ට හිමි හිඟ වැටුප්, දීමනා හා සමාජ ආරක්ෂණ වන්දි මුදල් ලබාගැනීම සඳහා ජෝර්දානයේ නීති උපදේශන ආයතනයක සහාය ගන්නා ලෙස කාර්යාංශ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා තානාපති කාර්යාලයේ නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

තවද මෙම ශ්‍රමිකයින් අතුරින් මේ වන විට වලංගු වීසා නොමැතිව ජෝර්දානයේ රැදී සිටින ශ්‍රමිකයින් දඩ මුදල් අයකිරීමකින් තොරව දිවයිනට ගෙන්වා ගැනීමටත්, තවදුරටත් ජෝර්දානයේ රැදී සිටිමින් වෙනත් ආයතනවල සේවය කිරීමට කැමති ශ්‍රි ලාංකිකයින් 62 දෙනෙකු වෙනුවෙන් නව සේවා ස්ථාන ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් උපදෙස් ලබාදී තිබේ.

මේ වන විට අදාළ ශ්‍රමිකයින් කර්මාන්තශාලාවට අයත් නේවාසිකාගාරයේ රඳවා සිටින අතර තානාපති කාර්යාලය කල ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබීමෙන් පසු මෙම සේවකයන් 2024 ජනවාරි මස ඇතුළත ශ්‍රී ලංකාවට යැවීමට අවශ්‍ය කටයුතු සලසා ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

ජෝර්දානයේ අසිල් යුනිවර්සල් ආයතනයේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් 153 දෙනකු හා හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා ශ්‍රමිකයින් 67 දෙනකු සේවය කර ඇත. මේ අතර අසිල් යුනිවර්සල් ආයතනයේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ගේ අත්සනින් නිකුත්කරන ලද ලිපියක් මගින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ආහාර, ජලය හා විදුලිය යන මුලික අවශ්‍යතාවයන් අඩුවකින් තොරව ලැබෙන බවයි. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ඇගලුම් කම්හල් දෙකෙහි ශ්‍රි ලාංකික ශ්‍රමිකන්ගේ වෛද්‍ය පහසුකම් අවශ්‍යතා ඉටුකිරිමට අවශ්‍ය මුදල් යවා ඇත. තවද කම්කරු සුභසාධන අංශයේ නිලධාරින් අදාල සේවකයන් සම්බන්ධයෙන් නිරන්තරව සොයා බලමින් සිටි.

මෙම සේවකයන්ගේ ගැටලු සම්බන්ධ‍යෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිඥ සමාගම් තුනක් සමග සාකච්ඡා කර ඇති අතර, ඔවුන්ගේ උපදෙස් ලැබුණු පසු සේවකයින්ගේ කැමැත්ත ඇතිව අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත.

සියලු කටයුතු අවසන් වීමෙන් අනතුරුව ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් යළි ගෙන්වා ගැනිමට කටයුතු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයෙන් ශීත ඇඳුම් සහ බ්ලැන්කට් මිලියන 1.6 ක් රැගත් ලොරි 10 ක් රෆා හරස් මාර්ගයට.
Next Article බරපතල අපරාධ සඳහා වසර 66 ක සිරදඬුවමකට එරෙහිව අබුඩාබිහි යුවළකට අභියාචනයක් අහිමි වේ.
kumudika

Related Posts

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.