ගාසා තීරයේ ගැටුම් අවසන් වූ පසු පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට තමා විරුද්ධ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකාවට ප්‍රකාශ කර ඇත. ඔහු සඳහන් කරන්නේ ගාසා තීරයේ මෙහෙයුම “සම්පූර්ණයෙන් ජයග්‍රහණය කරන තෙක්” ඉදිරියට ගෙන යන බවයි.

හමාස් සංවිධානය විනාශ කිරීම සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදස් කර ගැනීමට තවත් මාස ගණනාවක් ගත විය හැකි බව ඊශ්‍රායල අගමැතිවරයා කියා සිටී.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 25,000කට ආසන්න පිරිසක් මිය ගොස් ගාසා තීරයේ සැලකිය යුතු ජනගහනක් අවසන් වී ඇති බව සඳහන් වේ.

මේ අතර ගාසා තීරයට එල්ල ‍කෙරෙන ප්‍රහාර පාලනය කිරීමටත්, ගැටුම් නිමා කිරීමට අදාළ අර්ථවත් සාකච්ඡාවක නිරත වීමටත් ඊශ්‍රායලය වෙත දැඩි බලපෑම් එල්ල වෙමින් පවති.
අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ අනාගත පලස්තීන රාජ්‍යයක භූමි ප්‍රදේශය ඇතුළත් වන ජෝර්දාන ගඟට බටහිර දෙසින්වන සියලුම ඉඩම්වල ඊශ්‍රායල පාලනය තිබිය යුතු බවයි.

Share.

Comments are closed.