ILT – 20T 2024 ක්‍රිකට් තරඟාවලිය පසුගිය 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ විය. එදින තරඟ වැදුනු පලමු කණ්ඩායම් යුගලය වූයේ Gulf Gaints හා Sharjah Warriors කණ්ඩායම්ය. එහිදී Gulf Gaints කණ්ඩායම කඩුළු 7 ක් දවා ගනිමින් ලකුණු 198 ක් රැස් කර තරඟයේ ජය හිමි කර ගත්හ. Sharjah warriors කණ්ඩායම ලකුණු 167 ක් ලබා ගත්හ.

ජනවාරි 20 – MI Emirates හා Dubai Capitals කණ්ඩායම් අතර තරඟයෙන් පන්දුවාර 16 කදී කඩුළු 3 ක් දවා ගනිමින් Dubai Capitals පිල ලකුණු 160 ක් ලබා ජයග්‍රහණය අත්කර ගත්හ. 21 වනදා පැවති තරඟයේදී Desert vipers හා Abhudabi Knight Riders කණ්ඩායම් තරඟයෙන් Abudhabi Knight Riders කණ්ඩායම ජය හිමි කර ගත්තේ මුලු ලකුණු 166 ක් ලබා ගනිමිනි.

22 වනදා MI emirates කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගත්තේ ලකුණු 179 ක් ලබා ගනිමිනි. එහිදී ඔවුන්ට පරාජයේ වූයේ Gulf gaints කණ්ඩායමයි. එදිනම පැවැත්වූ අනෙක් තරඟයට dubai Capitals හා sharjah warriors කණ්ඩායම් තරඟ වැදුනි. Sharjah warriors ලකුණු 171 තියුණු ජයක් හිමි කරගත්තේ dubai Capitals ලකුණු 170 ක් ලබා ගෙන සිටියදීය. ඊයේ Abudhabi Knight Riders හා MI emirates කණ්ඩායම් තරඟයෙන් ලකුණු 96ක තියුණු ජයක් MI emirates කණ්ඩායමයි. හෙට දිනයේ (24) Gulf gaints හා Desert vipers කණ්ඩායම් අතර තරඟය පැවැත්වීමට නියමිතය.

Share.

Comments are closed.