ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයකුගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කලේය.
ඒ අනුව මෙම ක්‍රියාවලිය හරහා රාජ්‍ය ආදායම පිළිබඳ පැහැදිලි දත්ත පද්ධතියක් නිර්මාණය වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ගේ ජීව දත්ත තොරතුරු පද්ධතිය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියවලිය සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී. ජනතාවට වඩාත් පහසුවෙන් ටින් අංකයක් ලබාදීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

Share.

Comments are closed.