ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ආරම්භ කරන කාලය වනවිට ඉටු කිරීමට නව කැපවීම් 75 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

එසේම පසුගිය වසර අවසාන වනවිට ඉටු කළ යුතුව තිබූ කැපවීම් 27 ක ඉටු කළ යුතු දිනයන් වෙනස් කිරීමට හෝ දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන ඇතැයිද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

නොවැම්බර් මස අවසන් වනවිට ඉටුකළ යුතුව තිබූ කැපවීම් 73 න් 60 ක් ප්‍රමාදයක් සහිතව ශ්‍රී ලංකාව ඉටුකර ඇති බවත් ඉටුකර නොමැති කැපවීම් 13 න් 8 ක් ඉදිරියට ගෙන ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.ඉතිරි කැපවීම් 5 නැවත ඉටුකළ නොහැකි කැපවීම් වේ.

ඒ අනුව නව කැපවීම් 75 ක් පසුගිය වසර අවසාන වනවිට ඉටු කළ යුතුව තිබූ කැපවීම් 27 ක් සහ නොවැම්බර් මස අවසන් වනවිට ඉටුකළ යුතුව තිබූ කැපවීම් 8 ක් එකතු වී දෙවැනි සමාලෝචනය ආරම්භ කරන විට ඉටුකළ යුතු කැපවීම් 110 සැදී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

Share.

Comments are closed.