මැදපෙරදිග රතු මුහුද ආශ්‍රිතව ඇති වී තිබෙන අර්බුද තත්වය හේතුවෙන් කොළඹ වරායට ළගා වන නෞකාවන් ප්‍රමාණය වැඩි වී ඇති බවත් ඒ අනුව බහලු මෙහෙයුම් ධාරිතාවය ඉහළ ගොස් ඇති බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මැදපෙරදිග කලාපයේ යුද තත්වය හේතුවෙන් රතු මුහුද හරහා සූවස් ඇල ඔස්සේ යාත්‍රා කෙරෙන වෙළඳ නෞකාවන්ට සිදුව ඇති ත්‍රස්ත තර්ජන හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස නෞකා කොළඹ වරායට ගෙන්වා ගැනීමට නෞකා සමාගම් පෙළඹී ඇති බවත් මෙම හේතුවෙන් අද දවසේ වරාය තුළ නෞකා 24 ක් සඳහා නැංගුරම්පළ පහසුකම් සපයා ඇති බවත් ඒ මහතා කීය.
ඊට අමතරව වරායෙන් පිටත නැංගුරම්පොළ බලාපොරොත්තුවෙන් නෞකා 10 ක් පමණ සිටින බවත් අමාත්‍යවරයා කීය.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරික්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව එසේ පැවසීය. 

Share.

Comments are closed.