Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මාලදිවයින් රෝගීන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවට ගිලන් ගුවන් සේවාවක්.
Sri Lankan news

මාලදිවයින් රෝගීන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවට ගිලන් ගුවන් සේවාවක්.

kumudikaBy kumudikaJanuary 30, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මාලදිවයිනේ ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන්( Capt. Mohamed Ameen) මහතා සහ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද ( 30 ) දින පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේදී සිදුවිණ.

මාලදිවයිනේ වෙසෙන ජනතාවට සිදු වන හදිසි අනතුරු සහ රෝගාතුර වීම් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ශ්‍රි ලංකාවට කඩිනමින් පැමිණීමට අවශ්‍ය ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීම පිලිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

මාලදිවයින ගුවන්සේවා අමාත්‍යවරයා කියා සිටියේ මේ දක්වා මාලදිවයින් වැසියන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඉන්දියාවට රැගෙන ගිය බවත්, එහෙත් ශ්‍රි ලංකාවේ හදිසි ප්‍රතිකාර කටයුතු වල ගුණාත්මකභාවය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එවැනි රෝගීන් ශ්‍රි ලංකාවේ රෝහල් වලට ප්‍රතිකාර සඳහා එවීමට මාලදිවයින් රජය තීරණය කර ඇති බවයි.

මෙම වැඩපිලිවෙල පිලිබඳව අමාත්‍යවරුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කල අතර පලමු අදියර යටතේ මාලදිවයින සිට කටුනායක ගුවන්තොටුපල අතර මෙම ගිලන් ගුවන් ප්‍රවාහන සේවාව ලබන මාර්තු මස පළමු වැනිදා සිට ආරම්භ කීරීමට තීරණය කර තිබේ.

එම කටයුතු සඳහා අවශ්‍ය සියලු අනුමැතිය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගුවන් තොටුපල සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ බලධාරීන්ට ලබා දුන් අතර ඒ සඳහා කටුනායක ගුවන්තොටුපලේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමටත් ,එම ඒකකය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාට උපදෙස් දී ඇත.

ඉදිරියේදී රත්මලාන ගුවන් තොටුපල සහ මාලේ අතර මෙවැනිම සේවාවක් ආරම්භ කිරීමටද මෙම සාකච්ඡාවේ දී තීරණය විය
මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ මාලදිවයින් නියෝජ්‍ය මහ කොමසාරිස් ෆාතිමාත් ගිනා(Fathimath Ghina) අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී.එස්.විතානගේ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් පී. ඒ.ජයකාන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි දේශගුණික සටන ඉහළ නැංවීම සඳහා ගාෆ් පිළිබඳ ජාන අධ්‍යයනය සම්පූර්ණ කරයි
Next Article ලොව ප්‍රථම වරට රෝගියෙකුගේ මොලයට ඉලෙක්ට්‍රොනික පරිපථයක් බද්ධ කරයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.