පළමුවරට රෝගියෙකුගේ මොළයට චිපයක් හෙවත් ඉලෙක්ට්‍රොනික පරිපථයක් බද්ධ කළ බව  බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික එලොන් මස්ක් පවසයි.
එමඟින් මූලිකව සිදුකරන්නේ ස්නායූ සංඥා නිරීක්ෂණය(neuron spike detection) යි.

මෙම බද්ධ කිරීමෙන් මොළය ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයකට සම්බන්ධ කළ හැකි බව එලොන් මස්ක් සදහන් කරයි.
ඔහු පෙන්වාදෙන්නේ ඒ අනුව, සිතීමෙන් පමණක් දුරකථනය හෝ පරිගණකය හරහා ඕනෑම උපාංගයක් පාලනය කිරීමට හැකි බව යි.

ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් පසුගිය වසරේ අවසර ලබාගත් මෙම අත්හදා බැලීමේ මූලික අරමුණ අංශභාග රෝගීන්ට උපකාර කිරීම බව ද එලොන් මස්ක් සදහන් කර ඇත.

Share.

Comments are closed.