80 දශකයේ තිරගත වූ සිල්වෙස්ටර් ස්ටැලෝන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ, රොකී චිත්‍රපට මාලාවේ, ඇපලෝ ක්‍රීඩ් බොක්සිං ශූරයාගේ චරිතයට පණ දුන් කාල් වෙදර්ස් දිවි ගමනට සමුදුන්නේය. ඔහුගේ වයස අවුරුදු 76 කි.

කාල් වෙදර්ස්ගේ පවුලේ අය පැවැසුවේ ඔහු නින්දේදී අවසන් සුසුම් හෙලූ බවය. කාල් වෙදර්ස් තෙවරක් විවාහ වී සිටි අයෙකු වන අතර ඔහුට දරුවන් දෙදෙනෙක් සිටී

ආනොල්ඩ් ෂ්වොට්ස්නෙගර් ප්‍රධාන චරිතය නිරූපණය කළ “ප්‍රෙඩෙටර් ” චිත්‍රපටයට ද කාල් වෙදර්ස් රංගනයෙන් දායක විය. ඒ කර්නල් ඩිලන් ලෙසය. එම චරිතය ද හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය චරිතයක් බවට පත්වී තිබේ.
කාල් වෙදර්ස්, අවසන් වරට ස්ටාර් වෝර්ස් චිත්‍රපට හා සම්බන්ධ ‘ද මැන්ඩලෝරියන්’ රූපවාහිනී කතාමාලාවට ද රංගනයෙන් දායක විය.

Share.

Comments are closed.