ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවන දිනය( 03) අදයි. දිනය නිමාවට පත් වූයේ තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට අත් වෙමිනි.

ඊයේ දින නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 80 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නිශාන් මදුශ්ක මුළු ලකුණු සංඛ්‍යාව 93 දී දැවී ගියේය.
ඉන් පසු කුසල් මෙන්ඩිස් ලකුණු 10 ක් ලබා සිටියදී දිමුත් කරුණාරත්න ලකුණු 77 කට දැවී යන ලදි.

ඇන්ජලෝ මැතිව්ස් හා එක් වූ දිනේෂ් චන්දිමාල් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුනු 232 ක සබදතාවක් ගොඩනැගූ අතර දිනේෂ් චන්දිමාල් දැවී ගියේ ලකුණු 107 ක් ලබා සිටියදීය.
ඉන්පසු පිටියට පිවිසි නව කණ්ඩායම් නායක ධනංජය සිල්වාට කිසිදු ලකුණුක් ලබාගැනීමට හැකි වූයේ නැත.

දිනය අවසන් වීමට පන්දු කිහිපයක් ඉතිරිව තිබියදී ලකුණු 141 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස්ගේ පිත්ත කඩුල්ලේ වැදීමෙන් අවාසනාවන්ත ලෙස දැවී ගියේය.
ඒ අනුව දිනය නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම කඩුළු 06 කට ලකුණු 410 ක් රැස් කර තිබියදීය.
නොදැවී ක්‍රීඩා කරන සධීර සමරවික්‍රම ලකුණු 21 ක් රැස් කළේය.
නවීඩ් සද්‍රාන් හා කේස් අහමඩ් කඩුලු 2 බැගින් බිද හෙළීය.

ඇෆ්ගනිස්ථාන පළමු ඉනිමට රැස් කළේ ලකුණු 198 ක් පමණි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ ලකුණු 212 ක් ඉදිරියෙන් සිටී.

Share.

Comments are closed.