ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව දඟ පන්දු පුහුණුකරුවෙකු පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කලේය.
ඔස්ට්‍රේලියානු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකු වන ක්‍රේග් හොවාර්ඩ් (Craig Howard) මෙලෙස ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර තිබේ.

ඒ, අනුව ඔහු ඇෆ්ගනිස්ථානය සමඟ එළඹෙන 09 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.
ක්‍රේග් හොවාර්ඩ්ගේ නව පත්වීමත් සමඟ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ පියල් විජේතුංගගේ සේවාව අවසන් වේ.

ඔහු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් උපදේශක පුහුණුකරුවෙකු ලෙසින් වසර 12ක් සේවය කර ඇත. ඔහු මෙම තනතුර භාර ගැනීමට පෙර නවසීලන්ත White Ferns කණ්ඩායමේ සහ Victorian Men’s First Class කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබුණි.

Share.

Comments are closed.