බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇත.
එම පිළිකාව කුමක්දැයි අනාවරණය වී නොමැති අතර රජු මෑතකදී පුරස්ති ග්‍රන්ථිය ආශ්‍රිත රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලැබීමේදී මෙම පිළිකා තත්ත්වය තහවුරු කරගෙන ඇති බව වාර්තා වේ.

රජු සිය රෝගී තත්ත්වයට ඊයේ (05) සිට ස්ථිර ප්‍රතිකාර ආරම්භ කළ අතර ප්‍රතිකාර අතරතුර පොදු රාජකාරි කටයුතු කල් දමන බව බකිංහැම් මාළිගය පවසයි.

75 හැවිරිදි චාල්ස් රජු ඔහුගේ ප්‍රතිකාර පිළිබඳව සම්පූර්ණයෙන්ම ධනාත්මකව සිටින අතර හැකි ඉක්මනින් සම්පූර්ණ රාජකාරී කටයුතු කිරීමට  බලාපොරොත්තු වේ ” යනුවෙන් මාළිගය නිකුත්කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

චාර්ල්ස් රජු වේල්ස් කුමරුව සිටියදී පිළිකා සම්බන්ධ පුණ්‍යායතන රැසක අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කර ඇති බැවින් තම පිළිකා ප්‍රතිකාරය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තීරණය කළ බව බකිංහැම් මාළිගය නිකුත්කල නිවේදනයේ දැක්වේ.

Share.

Comments are closed.