පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතියට ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල යන රෝහල් වල සූර්ය බල ශක්ති උත්පාදන පද්ධති ස්ථාපිත කිරීම මගින් විදුලි පහසුකම් සපයා ගැනීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය හරහා ජපන් යෙන් මිලියන 1230ක ව්‍යාපෘති ආධාරයක් (රුපියල් බිලියන 2.8ක) ලබා දීමට ජපන් රජයේ එකඟතාවය පළ කර ඇත.

සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ පුනර්ජනනීය නොවන බලශක්ති භාවිතය අවම කිරීම ,සෞඛ්‍ය සේවයේ සමස්ත කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම හා තිරසර සංවර්ධන ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වේ.

ඒ අනුව එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාලව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි සඳහන් වේ.

Share.

Comments are closed.