පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකක් හේතුවෙන්  පුද්ගලයින් 20ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ හි මෙම පිපිරීම් සිදුව ඇති අතර එරට මහ මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් අසළ පළමු පිපිරීම සිදුව තිබේ.
ඉන් ආසන්න වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එසේම දෙවන පිපිරීම Qillah Saif Ullah දිස්ත්‍රික්කයේ සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇත.

මෙම පිපිරීම් වලින් තුවාල ලැබූ පිරිස මේ වන විට රෝහල් ගත කර තිබේ.
මේ වනතෙක් පිපිරීම් වල වගකීම කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති අතර හෙට දිනයේ එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිත පසුබිමක මෙම සිදුවීම ගැන දැඩි අවධානයට ලක් වී ඇත.

Share.

Comments are closed.