එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕල්කට් පාසල් ආදි ශිෂ්‍ය කණ්ඩායම  (Olcott Schools’ Alumni) එහි ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ ප්‍රමුඛතම සහ ක්‍රියාකාරී සංවිධානයකි. ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසල් අටක් මෙම සංවිධානය නියෝජනය කරයි.

එම පාසල් වන්නේ,

• කොළඹ ආ​නන්ද විද්‍යාලය​

• මහනුවර ධර්මරාජ ​ විද්‍යාලය

• පන්නිපිටිය ධර්මපා​ල විද්‍යාලය

• ගාල්ල මහින්ද විද්‍යාලය

• අම්බලං​ගොඩ ධර්මාශෝක විද්‍යාලය

• කොළඹ නාලන්ද විද්‍යාලය​

• කුරුණෑගල මලියදේව විද්‍යාලය​

• මාතර රාහුල විද්‍යාලය​ යි.

මෙවරත් එමීර් රාජ්‍යයේ ඕල්කට් පාසල් ආදි සිසුන්​ (Olcott Schools’ Alumni) විසින් වාර්ෂිකව සංවිධානය කරන 15 වන වාර්ෂික ඕල්කට් කුසලා​න මහා ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි 10 වන සෙනසුරාදා අජ්මාන් හි Royal Sports ක්‍රීඩාංග​ණයේදී සාර්ථකව පැවැත් වීමට නියමිතය.

මෙවර තරඟය සුවිශේෂී වන්නේ බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලානය සඳහා ජේෂ්ඨ ක්‍රීඩක කණ්ඩායමක් තරඟ කිරීමයි. එම කණ්ඩායම් ද්විත්වය වන්නේ UAE Olcott Legend සහ Sri lanka Olcott Legend කණ්ඩායම්‍ ය.  UAE Olcott Legend කණ්ඩායම සඳහා නායකත්වය ලබා දෙන්නෙ රවී ගුණරත්න මහතා වන අතර Sri lanka Olcott Legend කණ්ඩායම සඳහා අර්ජුන රණතුංග මහතා නායකත්වය ලබා දෙයි. Olcott තරඟාවලිය පෙරවරු 7.30 ට ආරම්භ වන අතර වර්ණපුර අනුස්මරණ තරඟය දහවල් 12.30 ට ඇරඹේ.

2007 දී ආරම්භ කල මෙම තරගාවලිය මේ දක්වා වාර්ෂික​ව 14 වතාවක් පවත්වා ඇති අත​ර වා​ර හතරකදී ම ශූරතාවය දිනා ඇත්තේ අම්බලං​ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසිනි.

Share.

Comments are closed.