එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Emirates Culinary Guild ( ECG) සූපවේදීන්ගේ සංසදය විසින් World Chef Association මඟින් සිව්වන වරටත් පැවැත් වූ IKA – Culinary Olympics ජාත්‍යන්තර තරඟාවලියෙන් විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් අත් කර ගෙන තිබේ. ජර්මනියේදී පැවැත්වූ මෙම තරඟාවලියට එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කරමින් ඉදිරිපත් වූ සූපවේදී කණ්ඩායම තරඟාවලිය පුරා මුළු පදක්කම් 69 ක් දිනා ගත්හ. එම කණ්ඩායමේ  වැඩි දෙනා ශ්‍රී ලාංකික සූපවේදීන් වීමත් පදක්කම් දිනූ වැඩි පිරිස අතර ඔවුන් සිටීමත් මෙහි කැපී පෙනෙන විශේෂත්වයයි.

රටවල් 80 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 1800 ක් පමණ මීට සහභාගී වී ඇත. රටවල් 110 ක් සාමාජිකත්වය දරණ ලෝක සූපවේදීන්ගේ සංගමය ලොව ඇති විශාලම ජාත්‍යන්තර සූපවේදීන්ගේ සංගමයයි.

Share.

Comments are closed.