හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා හැරීමෙන් වසර දෙකකට පසුව මෙසේ මහ මැතිවරණය පැවත්වෙයි.

ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන ගණනාවක් වන පාකිස්ථානුවන් ඉතා උද්යෝගයෙන් කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට මිනිත්තු කිහිපයකට පෙර පාකිස්තානයේ ජංගම දුරකථන සේවා ද අත්හිටුවා තිබුණි.

බොහෝ විශ්ලේෂකයින් පවසන්නේ මෙය පකිස්ථානයේ දූෂිතම මැතිවරණය බවයි.

ඊයේ දිනයේදී බලුකිස්තාන් ප්‍රාන්තයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගියහ.

Share.

Comments are closed.