Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකාවේ පලමු මහා පරිමාණ සූර්යය බල ශක්ති උද්‍යානය සඳහා සැලසුම්
Sri Lankan news

ලංකාවේ පලමු මහා පරිමාණ සූර්යය බල ශක්ති උද්‍යානය සඳහා සැලසුම්

kumudikaBy kumudikaFebruary 9, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමරිකානු ඩොලර් කෝටි 15 ක දැවැන්ත ආයෝජනයකින් ඉදිවන මෙගාවොට් 100 ක ධාරිතාවයකින් යුත් ශ්‍රී ලංකාවේ පළමු මහා පරිමාණ සූර්යය බල ශක්ති උද්‍යානය සඳහා (08) ඊයේ ගිවිසුම් අත්සන් කළේය.

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 220 ක් පුරා පැතුරුණු භූමි භාගයක මෙම සූර්ය බල ශක්ති උද්‍යානය ඉදිකරන අතර එය නවීනතම විදුලි ගබඩා කිරීමේ බැටරි පද්ධතියකින්ද සමන්විත වේ.

මෙම සූර්ය බල ශක්තිය උද්‍යානයට අමතරව ජනනය කෙරෙන විදුලිය ජනක පද්ධතිය වෙත සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර 27ක දිගින් යුත් 132 kv නව රැහැන් පද්ධතියක්ද මොනරාගල ප්‍රදේශයේ 132 kv නව ග්‍රීඩ් උපපොළක් ද ඉදි කෙරේ.
මෙම මහා පරිමාණ ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශ්වකරු වශයෙන් ලක් දනවි සමාගම කටයුතු කරන අතර වින්ඩ් ෆෝස් පොදු සමාගම සහ සිංගප්පූරුවේ The Blue Circle සමාගම අනෙක් පාර්ශ්වකරුවෝ වෙති.
ලක්දනවි සමාගම නව ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශව කරුවා වන අතර විදුලි බලාගාර ඉදි කිරීම් සහ කළමනාකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මාන ලැබූ සමාගමකි.
ලංකා විදුලිබල මණ්ඩලය සහ බලාගාරයේ හිමිකාරීත්වය දරන ලක්දනවි සමාගමට අනුබද්ධ රිවි දනවි සමාගම වසර විස්සක කාලයකට විදුලිය මිලදී ගැනීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

නව ව්‍යාපෘතියෙන් ජනනය කරන විදුලිය 2025 වසරේදී ජාතික විදුලිය පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාකිස්ථාන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද
Next Article ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සතියේ අබුඩාබියට පැමිණෙයි.
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.