ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට පැතුම් නිශ්ශංක අද (09) සමත්විය.
ඒ අනුව 2000 වසරේ සාජා පිටියේ දී ඉන්දියාවට එරෙහි ව සනත් ජයසූරිය වාර්තා කළ ලකුණු 189 වාර්තාව අලුත් කිරීමට පැතුම් නිස්සංක සමත්ව තිබේ.

ඔහු අද සහභාගී වූයේ සිය 50 වන එක්දින තරගයටයි. පැතුම් නිශ්ශංක අද පන්දු 139 දී 4 පහර 20ක් සහ 6 පහර 8ක් සමඟ නොදැවී ලකුණු 210ක් ලබා ගත්තේය. ඒ අනුව අද පැතුම් බිඳ හෙලුවේ වසර 24කට පෙර සනත් ජයසූරිය සාජා පිටියේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් ලබා ගෙන තැබූ වාර්තාවයි.
එමෙන්ම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පිතිකරුවෙක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙය ලෙස සැලකේ.

මීට පෙර එම වාර්තාව හිමිකරගෙන සිටියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 144ක් රැස් කළ තිලකරත්න ඩිල්ශාන් විසිනි.
එමෙන්ම එක්දින ද්විත්ව ශතකයක් ලබාගත් ලොව 10 වන පිතිකරුවා ලෙසද පැතුම් නිශ්ශංක අද ඉතිහාස ගත විය.

අද ඇෆ්ගනිස්තාන ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් බිඳ වැටී ලකුණු  381ක් ලබා ගත්තේය. පන්දු වාර 50 අවසානයේ කඩුළු 03 ක් දැවී ලකුණු 381 ක් රැස් කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.

Share.

Comments are closed.