ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ යාපනය ‘මුට්‍රවෙලි’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට ඉතා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් අධික තදබදයක් ඇති වී තිබේ.

පොලිස් ආරක්ෂක රැකවල් ද බිඳ දමමින් පිරිස ප්‍රසංග භූමියට ඇතුළු වී ඇති බව වාර්තා වේ.
මෙහිදී කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පොලිසිය මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කර ඇත.

දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා, රම්බා ඇතුළු සිනමා නිළියන් හා නළුවන් රැසක් ද ප්‍රසංගයට සහභාගි වූ බව සඳහන් ය.

Share.

Comments are closed.