Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වසර නවයක් පුරා එකම විදුලි ගාස්තුවක් අය කල ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව ඇමති කියයි
Sri Lankan news

වසර නවයක් පුරා එකම විදුලි ගාස්තුවක් අය කල ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව ඇමති කියයි

kumudikaBy kumudikaFebruary 12, 2024Updated:February 12, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව යැයි පැවසීම පිළිගත නොහැකි බවත්, වසර නවයක් එකම විදුලි ගාස්තුවක් අය කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව යැයිද විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කරයි. දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව යැයි පැවසීම පිළිගත නොහැකි බවත්, වසර නවයක් එකම විදුලි ගාස්තුවක් අය කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව යැයිද විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පෙන්වා දෙයි.  අවු.9ක් බලාගාර ඉදි නොකළ රටත් පැමිණි බලාගාර හරවා යැවූ රටත් ශ්‍රී ලංකාව බවද සදහන් වේ.

ආරාධනා කළද විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් විදුලි බිල අඩු කිරීමේ කිසිදු යෝජනාවක් මේ වන තුරු ලබා දී නොමැති බව ද ඔවුන් පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් කතා කළද එළියේ ඒ සම්බන්ධයෙන් කතා නොකරන බවද ඇමැතිවරයා සඳහන් කළේය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (10) කොළඹ බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. විදුලි අය ක්‍රමය සම්බන්ධයෙන් ලබා දිය හැකි උපරිම අඩු මිල සඳහන් යෝජනාව මේ වන විට ලබා දී ඇති බවත් එය අවසන් යොජනාව නොවන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

අවසන් කාර්ය භාරය ඇත්තේ මහජන උපයෝගීතා කොමිසන් සභාවට බවද ඔවුන් විසින් මහජන අදහස් ලබා ගෙන එම යෝජනා නිවැරැදිද, වැරැදිද යන්න තොරතුරු ලබා දුන් පසු ඔවුන්ගේ නිර්දේශ මත නැවත විදුලිබල මණ්ඩලය විසින් විදුලි අය ක්‍රමය සම්බන්ධයෙන් යෝජනා සකස් කරන බවද ඇමැතිවරයා කියා සිටියේය. පෙබරවාරි මස 20 වන විට මහජන අදහස් ලබා ගැනීමෙන් පසු අදාළ සංශෝධන මහජන උපයෝගීතා කොමිසම විසින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කියා සිටියේය. විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ද දැනුවත් කරන බව කී ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ වනවිට දැනුවත් කර ඇතැයිද කියා සිටියේය.

දකුණු ආසියාවේ අපි වැඩිම විදුලි බිල අවුරුදු නමයක් යනුවෙන් කියන බවත් මේ භුක්ති විඳින්නේ අවශ්‍ය වේලාවේ නිවැරැදි තීන්දු තීරණ නොගැනීමේ ප්‍රතිඵල බවද ඇමැතිවරයා කියා සිටියේය. දකුණු ආසියාවේ හෝ ලෝකයේ අවුරුදු නවයක් එක දිගට එකම ගණනකට විදුලිය තබා ගත් රටත් ශ්‍රී ලංකාව බවත්, අවුරුදු නවයක් බලාගාර ඉදි නොවූ රටත් ඉදිකිරීමට පැමිණි බලාගාර නැවත හරවා යැවූ රටත් ශ්‍රී ලංකාව යැයි මතක තබා ගතයුතු යැයිද ඇමැතිවරයා කීය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් ජනාධිපති මොහොමඩ් බින් රෂීඩ් WGS 2024 සඳහා සහභාගී වූ UAE අමුත්තන් පිළිගනී
Next Article අද දින එමීර් රාජ්‍යයට අයහපත් කාලගුණයක්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.