Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඕල්කට් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව ධර්මරාජ විදුහල් පිල දිනා ගත් අතර ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ තරඟයෙන් UAE ඕල්කට් ලෙජන්ඩ්ස් කණ්ඩායමට ජය
Events

ඕල්කට් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව ධර්මරාජ විදුහල් පිල දිනා ගත් අතර ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ තරඟයෙන් UAE ඕල්කට් ලෙජන්ඩ්ස් කණ්ඩායමට ජය

kumudikaBy kumudikaFebruary 12, 2024Updated:February 12, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 15 වන වරට පැවති  වාර්ෂික ඕල්කට් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව ධර්මරාජ විද්‍යාල කණ්ඩායම විසින් දිනා ගත්තේය.   මෙම තරඟාවලිය පැවැත්වුනේ අජ්මාන් හි රෝයල් ස්පෝට්ස් ක්‍රීඩාංගනයේදීය.

මෙවර ඕල්කට් ක්‍රිකට් තරඟාවලියේ විශේෂත්වය වන්නේ ප්‍රථම වරට ජේෂ්ඨ ක්‍රීඩකයන් සඳහා සංවිධානය කල  “Trico බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලාන” තරඟය පැවැත්වීමය.  අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුතු olcott legends in sri lanaka පිල හා රවීන්ද්‍ර ගුණරත්න මහතා නායකත්වය දරන UAE ඕල්කට් legends පිල අතර පැවැත්වුන එම තරඟයෙන්  olcott legends UAE  පිල 194 ක් රැස් කරමින් තරඟයේ ජය හිමි කර ගත්හ. ඕල්කට් ලෙජන්ඩ්ස් Sri lanka පිල කඩුළු 5 දැවී ලකුණු 193 ක් රැස් කරමින් තියුණු තරඟයක නිරත විය.  UAE ලෙජන්ඩ්ස් කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා , හොඳම පිතිකරුවන් ලෙස දිනේෂ් D සිල්වා පන්දු 53 කදී ලකුණු 69 ක් ද අරුණළු D සිල්වා පන්දු 57 කදී ලකුණු 93 ක් හා හිරාන් ගුණසේකර පන්දු 5 කදී ලකුණු 18 ක් ද රැස් කලහ.

මෙහිදී තරඟයේ හොඳම දස්කම් දැක් වූ ක්‍රීඩකයන් අතරට අසේල වැවේවල ( Olcott Legends in sri lanka ), අරුණළු D සිල්වා, සහ දිනේශ් D සිල්වා  ( Olcott  Legends in UAE ) එක් විණි.
ඒ අනුව අරුණළු D සිල්වා පන්දු 57 කදී ලකුණු 93 ක් රැස් කල අතර දිනේෂ් D සිල්වා පන්දු 53  කදී ලකුණු 69  ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. අසේල වැවේවෙල පන්දු 33  කදී ලකුණු 98 ක් රැස් කලේය.

මෙම තරඟයට සමගාමීව ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය පැවැත්විණ.

ඕල්කට් ක්‍රිකට් තරඟාවලියේ පලිහ ශූරතා තරඟය පැවැත්වුනේ මහින්ද හා ධර්මපාල විද්‍යාල අතරයි.  එම තරඟයේදී පලමුවෙන් පන්දුවට පහර දුන්නේ මහින්ද  විද්‍යාලයීය පිලයි. ඔවුන් ඕවර පහ තුල කඩුළු 2 ක් දැවී ලකුණු 83 ක් රැස් කරමින් ජය හිමි කර ගත්හ. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ධර්මපාල විද්‍යාල පිල  කඩුළු 5 ක් දැවී ලකුණු 66 ක් රැස් කලේය.

• තරගයේ වීරයා මහින්ද පිලේ කනිශ්ක පියුමාල්

• හොඳම පිතිකරුවා  මහින්ද පිලේ අජිත් සූරියාරච්චි

• හොඳම පන්දු යවන්නා ලෙස එම පිලේම  අනුරාධ ජයරත්න  තේරී පත් විය.

පලඟ කුසලානය සඳහා තරඟවැදුනේ ධර්මශෝක  විද්‍යාලයීය පිල ස​හ නාලන්ද විද්‍යාලයීය පිලයි.

ධර්මශෝක විද්‍යාලයීය පිල සිය පන්ඳු ඕවර 5 තුල සියල්ලෝම දැවී ලකුණු 66 ක් රැස්කලේය.
එයට පිලිතුරු වශයෙන් නාලන්ද විද්‍යාලයීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 67 ක් රැස් කරමින් ජය හිමි කර ගත්හ.

• තරගයේ වීරයා  නාලන්ද පිලේ  එරංග ජයසිංහ යි.

• හොඳම පිතිකරුවා  ඩිලාන් සුරවීර
• හොඳම පන්දු යවන්නා ලෙස  එම පිලේම සමීර අබේසිංහ තේරී පත් විය.

ශුරතා කුසලානය සඳහා පැවති තරගය ඉතා තියුණු තරගයක් වූ අතර එයට තරඟ වැදුනේ මලියදේව  විද්‍යාලයීය පිල සහ ධර්මරාජ  විද්‍යාලයීය පිලයි.

පළමුව පන්ඳුවට පහරදුන් මලියදේව  විද්‍යාලයීය පිල සිය පන්ඳු ඕවර 5 තුල කඩුළු 4 ක් දැවී ලකුණු 50 ක් රැස්කලේය.
එයට පිලිතුරු වශයෙන් ධර්මරාජ  විද්‍යාලයීය පිල කඩුළු 2 ක් දැවී ලකුණු 51 ක් ලබා ශූරතාවය දිනා ගත්හ.

• තරගයේ වීරයා ධර්මරාජ පිලේ උදයංග SB

• හොඳම පිතිකරුවා මලියදේව පිලේ අමිල රණවක 
• හොඳම පන්දු යවන්නා ලෙස  එම පිලේම ඩිලාන් පණ්ඩුකද තෝරා ගැනුණි.

කාන්තා තරගාවලි​යේ අවසන් තරගය සඳහා තරඟ වැදු​නේ මලියදේව කාන්තා පිල හා ධර්මාශෝක කාන්තා පි​ලයි. මෙවරත් එම තරඟයේ ජය හිමි වුනේ ධර්මාශෝක කාන්තා පි​ලටය.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅද දින එමීර් රාජ්‍යයට අයහපත් කාලගුණයක්
Next Article ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශක්තිමත් සබඳතා අපට ඉතා වැදගත් –  අමාත්‍ය මනූෂ එමීර් රාජ්‍යයේ දී කියයි
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.