Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE - Sri Lankan Embassy»ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශක්තිමත් සබඳතා අපට ඉතා වැදගත් –  අමාත්‍ය මනූෂ එමීර් රාජ්‍යයේ දී කියයි
UAE - Sri Lankan Embassy

ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශක්තිමත් සබඳතා අපට ඉතා වැදගත් –  අමාත්‍ය මනූෂ එමීර් රාජ්‍යයේ දී කියයි

kumudikaBy kumudikaFebruary 13, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිදහස් දිනය නිමිත්තෙන් පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික උත්සවයට එක්වෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කලේ ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යාම මෙරටට අතිශය වැදගත් බවත් එම සම්බන්ධතා ඉදිරියේදී තවදුරටත් වර්ධනය කිරීමට පියවරගන්නා බවත්ය.

මෙම සැමරුම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හී ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. එම අවස්ථාවට එමීර් රාජ්‍යයේ පිහිටි විදේශ තානාපති කාර්යාල 120 ක පමණ ප්‍රධානීහූ එක්ව සිටියහ. සම්භාවනීය අමුත්තන් ලෙස අජ්මාන් රාජකීය පවුලේ සාමාජිකයෙකු වන ෂෙයික් හුමයිඩ් බින් රෂීඩ් අල් නුඅයිමි සහ එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර සංවර්ධන කටයුතු සඳහා විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා සහකාර අමාත්‍ය සුල්තාන් අල් ෂම්සි එක් වූහ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවට සහ එහි ගෝලීය හවුල්කරුවන්ට ප්‍රතිලාභ ලැබිය හැකි සහයෝගීතා සඳහා නව අවකාශයක් නිර්මාණය කිරීමට අමාත්‍යවරයා එහිදී සමත්විය.

උත්සවයේදී ශ්‍රී ලංකාවේ ආහාර ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගෙනයමින් පැමිණ සිටි අමුත්තන්ව මෙරට ආහාර වලින් සංග්‍රහ කිරීමට පියවර ගෙන තිබිණි. මේ අතර මෙරට ප්‍රවීන නර්තන කණ්ඩායමක් වන චන්දන වික්‍රමසිංහ සහ නර්තන ශිල්පීන්ගේ සංසදය සාම්ප්‍රදායික සංගීත සහ සංස්කෘතික ප්‍රසංග වලින් උත්සවය වර්ණවත් කිරීමට දායක විය.

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා මෙහිදී අදහස් දැක්වමින් අවධාරණය කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රබෝධමත් වෙමින් අභියෝග මධ්‍යයේ සෞභාග්‍යය සහ සාර්ථකත්වය සඳහා කැපවී සිටින මාවතක ගමන් කරන බවයි.

Featured National Day Sri Lanka UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඕල්කට් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව ධර්මරාජ විදුහල් පිල දිනා ගත් අතර ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ තරඟයෙන් UAE ඕල්කට් ලෙජන්ඩ්ස් කණ්ඩායමට ජය
Next Article අධික වැසි හේතුවෙන් එමීර් රාජ්‍යයේ පෞද්ගලික පාසල් වලට දුරස්ථ අධ්‍යාපනය
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.