ශ්‍රී ලංකාවේ 76 වන නිදහස වෙනුවෙන් ඩුබායි හිදී  සංවිධානය වන සැමරුම් උළෙලට ඇත්තේ තවත් තව දින දෙකක් පමණී.
2024 පෙබරවාරි 04  වනදාට යෙදුනු ශ්‍රී ලංකාවේ නිදහස් දිනය නිමිත්තෙන්  එළඹෙන (17)  වන සෙනසුරාදා ඩුබායි හිදී මෙම උළෙල උත්කර්ෂවත්ව පැවැත් වීමට නියමිතය.  ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ මෙම උළෙල සංවිධානය කරනු ලබන්නේ කොන්සල් ජනරල් කාර්යාලයට අනුබද්ධ සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍ර ය විසිනි.  ඩුබායි ශෙයිකා ලතීෆා රෝහල් ක්‍රීඩාංගනයේදී සවස 5.00  ට මෙම උත්සවය ආරම්භ වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රෞඩත්වය විදහා දක්වමින් ඉදිරිපත් කරන විශේෂ සංස්කෘතික සංදර්ශනයක් ද මීට ඇතුලත්ය. ඒ සඳහා එමීර් රාජ්‍යයේ ස්ථාපිත සියලුම ලාංකේය කලායතන වල දරු දැරියන් සහභාගී වීමට නියමිත අතර මෙම සැමරුම් උළෙලට ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් රැසක් එක් වේ යැයි අපේක්ෂා කෙරේ.

Share.

Comments are closed.