හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත පත්විය.
කලක් තිස්සේ දැඩිව රෝගාතුරව සිටි ඒ මහතා ජීවිතක්ෂයට පත්වන විට 83 වන වියේ පසු වුණි.

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙකි.
1941 වසරේ දී උපත ලැබූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය.

කුරුණගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඔහු 2013 වසර දක්වා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන ලදි.
2001 දෙසැම්බර් සිට 2003 නොවැම්බර් දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත්, 2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා – ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත්, 2015 සැප්තැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙසත්, 2017 අගෝස්තු සිට 2018 ඔක්තෝබර් දක්වා ‘‘බුද්ධ ශාසන’’ අමාත්‍යවරයා ලෙසත් රටට ඉමහත් සේවයක් ඉටුකළ ඔහුව අදටත් ජනතාව සිහිපත් කරන්නේ ඉතාමත් ආදරයෙන් සහ හද පිරි ගෞරවයෙනි.
අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඒ මහතාගේ නිවසේ තැම්පත් කිරීමට නියමිතය.
පවුලේ ඥාතීන් සදහන් කළේ අවසන් කටයුතු පිලිබදව ඉදිරියේදී දැනුම් දෙන බවයි.

Share.

Comments are closed.