ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන මඟින්  මහජන සේවා සැපයීම සඳහා හඳුන්වා දී ඇති දුරකථනවලින් සියයට 71 ක් නිසිපරිදි ක්‍රියාත්මක නොවන බව පේරාදේණිය විශ්වවිද්‍යාලය කළ සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ.

රාජ්‍ය ආයතනවල ජනතාව වෙනුවෙන් වෙන්කර ඇති දුරකථනවලින් සියයට 29 ක් පමණ නිසි පරිදි ක්‍රියාත්මක වන බවත් දුරකථන සියයට 22 කට කිසිඳු නිලධාරීයෙක් ප්‍රතිචාර නොදක්වන බවත් පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

එම සමීක්‍ෂණයට ලක්වූ ප්‍රාදේශීය සභා 98 න් සියයට 14 ක දුරකථන අක්‍රීය බවත් සියයට 42 ක් පමණක් ප්‍රතිචාර දක්වන අතර සියයට 45 ක් ප්‍රතිචාර නොදක්වන බවත් මහාචාර්යවරයා කීය. 

Share.

Comments are closed.