Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»හෙට උෂ්ණත්වය ගැන අවවාදාත්මක නිවේදනයක්
Sri Lankan news

හෙට උෂ්ණත්වය ගැන අවවාදාත්මක නිවේදනයක්

kumudikaBy kumudikaMarch 1, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හෙට (02) දින සඳහා වලංගු වන පරිදි බස්නාහිර, දකුණු, සබරගමුව හා වයඹ පළාත් සඳහාත් මන්නාරම දිස්ත්‍රික්කය සඳහාත් බලපැවැත්වෙන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, දකුණු, සබරගමුව හා වයඹ යන පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් හෙට ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එවැනි අවස්ථාවලදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

ඒ අනුව වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු බවත් එහි සඳහන්ය.
නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ.

වාහන තුළ කුඩා ළමුන් තනිව රඳවා නොයන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන් ය.
එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල රැඳෙන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් එහි සඳහන් වේ.

එමෙන්ම මිනිස් සිරුරට දැනෙන උණුසුම පවතින කාලය තුළ සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගය ඉදි කිරීම් ඇරඹේ
Next Article මාර්තු 1 දා සිට ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ දුම්රිය ස්ථානවල ඊ-ස්කූටර තහනම්
kumudika

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.