ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දැනට පවතින  ගුවන් යානා හිගයට පිළියමක් ලෙස බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් තාවකාලිකව කුළී පදනම මත සේවයට එක් කර ඇත.

ඒ- 330 – 200 වර්ගයේ එයාර් බස් වර්ගයේ මෙම ගුවන් යානා පැදවීම ද බෙල්ජියම් ගුවන් සේවා නියමුවන් විසින් සිදු කෙරේ .
මෙම ගුවන් යානා තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22 ක් සහ පිරිමැසුම්දායක ( Economy ) පංතියේ ආසන 240 ක් තිබේ .

මීට අමතරව ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ – 320 වර්ගයේ ගුවන් යානයක් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබෙන බව සඳහන් වේ .

Share.

Comments are closed.