Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»Sri Lions ක්‍රීඩා සමාජය  ශ්‍රී ලංකාවේත් තම අභිමානවත් අණසක පතුරවයි.
UAE Sri Lankan

Sri Lions ක්‍රීඩා සමාජය  ශ්‍රී ලංකාවේත් තම අභිමානවත් අණසක පතුරවයි.

kumudikaBy kumudikaMarch 4, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා කණ්ඩායම  B කාණ්ඩයේ රග්බි ලීග් ශූරයන් බවට පත් වූ අතර, ඔවුන්ගේ ආරම්භයත් සමඟ පැවති විශිෂ්ට තරගාවලියක් සාර්ථක ව අවසන් විය.
ඩුබායි හි ක්‍රීඩාව සහ ප්‍රජාව තුළ ශ්‍රී ලංකා නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා දැඩි කැපවීමකින් ගෝලීය ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලයන්ස් කණ්ඩායම උද්‍යෝගීමත් හා කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කරමින් සිටිති. ඔවුන් පෙර නොවූ විරූ ජයග්‍රහණ රැසක්  අත්කර ගනිමින් කැපී පෙනෙන තත්ත්වයකට මේ වන විට පත්ව ඇත.

B කාණ්ඩයේ රග්බි ලීගයේ ඔවුන් ගේ ජයග්‍රහණය දැනටමත් කීර්තිමත් ජයග්‍රහණ  ලැයිස්තුවට තවත් අගනා සම්මානයක් එක් කර ඇත.
ජයග්‍රහණ පිළිබඳ වසරක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලයන්ස් සිංහයන් නොමැකෙන සලකුණක් තබා තිබේ.
ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා පිල
Yes fm වෙරළ රග්බි කුසලානයේ ජයග්‍රහණ තහවුරු කරගැනීමත්,  EVA දැල්පන්දු
ලීග් කුසලානය, සහ B කාණ්ඩයේ රග්බි තරගාවලියේ කුසලානය දිනා ගැනීමත්  සමඟින් ශ්‍රී ලාංකික ක්‍රීඩක දක්ෂතාවයන් මැනවින් විදහා දක්වමින් විශිෂ්ටත්වය සහ නොසැලෙන අධිෂ්ඨානශීලී කැපවීමක් පිළිඹිබු කර ඇත.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලයන්ස් හි කීර්තිය තහවුරු කළ විශිෂ්ට ජයග්‍රහණ මාලාවේ තවත් එක් ජයග්‍රහණයකි. ශ්‍රී ලයන්ස් කණ්ඩායමේ ගමන ආරම්භ වූයේ ඩුබායි හි ජයග්‍රාහී ව්‍යාපාරයක් මුල් කර ගනිමිනි.
2019 දී පැවැත්වූ 7’s ගල්ෆ් පිරිමි විවෘත තරගාවලියේ දී ශ්‍රී ලයන්ස් කණ්ඩායම අසහාය ශූරයන් ලෙස ඉදිරියට පැමිණියහ. 2019 වසරේ කීර්තිමත් “හෆියා ” කුසලානයේ ජයග්‍රහණය සමඟින් ඔවුන්ගේ සාර්ථකත්වය තවදුරටත් ශක්තිමත් විය.

2023 වසරේ ඩුබායි 7s ජාත්‍යන්තර විවෘත රග්බි  තරගාවලියට සහභාගි වෙමින් ශ්‍රී ලයන්ස් කණ්ඩායම යළිත් ඉතිහාසයට එක් විය.
පිරිමි කාණ්ඩය, එහිදී ප්ලේට් චැම්පියන්ස් ශූරතාවට හිමිකම් කීය. රග්බි පිටියේ ඔවුන් ගේ දස්කම් යලි යලිත් තහවුරු කරමින්  කීර්තිය පතුරවන්නට ඔවුන් සමත් වූහ.

අනාගත ක්‍රීඩාවේ තම නාමය සන්නාමයක් කිරීමේ පරමාර්ථය පෙරදැරි ව ශ්‍රී ලයන්ස් කණ්ඩායම වඩා විශාල අභියෝග කෙරෙහි ඔවුන් ගේ අවධානය යොමු කර ඇති අතර,ජයග්‍රහණය අවසන් අරමුණ කර ගනිමින් සාර්ථක ව තරග කිරීමට සැලසුම් කර තිබේ.
ලබන වසරේ පැවැත්වෙන  A කාණ්ඩයේ රග්බි ලීගයේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීම ඔවුන් ගේ මීලඟ ඉලක්කය යි.

ශ්‍රී ලයන්ස් කණ්ඩායම කැපී පෙනෙන තලයකට ඔසවා තැබීමට චරිත කිහිපයක් ම ප්‍රධාන භූමිකාවන් ඉටු කළහ. ඔවුන් ගේ සාර්ථකත්වයේ  නියමුවාණන් වූ ගෞරවණීය නිර්මාතෘ සහ සභාපති ආචාර්ය කැලුම් සුජිත් පෙරේරා මහතා පළමුව සිහිපත් කල යුතු ය. ශ්‍රී ලයන්ස්
ජාත්‍යන්තර කණ්ඩායම එහි දැක්ම සහ නායකත්වය මඟින්  සමාජය තුල සහ ක්‍රීඩාව තුළ ඉහළ  තත්ත්වයකට ඔසවා තැබීමට ඔහු කටයුතු කර ඇත.
2019 වසරේ සැප්තැම්බර් 6 වෙනිදා Sri Lions කණ්ඩායම ඇරඹෙන්නේ  ඔහු හා එක් වූ තුසිත් දිලන්ත සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර මහත්වරුන් ගේ මූලිකත්වයෙනි.
ලංකා රග්බි ලෙජන්ඩ්  සහ සුජානි රත්නායක මහත්මිය ඇතුළු පිරිස රග්බි උපදේශකවරුන් සහ
අධ්‍යක්ෂවරුන් ලෙස සේවය ලබා දෙන අතර ඔවුන් ගේ, තම කාර්යය පිළිබඳ පවතින විශේෂඥභාවය කණ්ඩායමට ඉතා වටිනා සම්පතකි.

තරග බිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට කණ්ඩායම් නායක දිනෙත් පසිඳු ගේ නායකත්වය ඉවහල් විය. සිංහයන් ගේ ජයග්‍රහණය අත් කර ගැනීමට දුලාජ් පෙරේරා ගේ විශිෂ්ට දස්කම් ඉවහල් වූ අතර ඔහු “තරගයේ වීරයා ” යන සම්මානයෙන් පිදුම් ලැබීය. මේ සමස්ථය ක්‍රීඩාපිටිය තුළ වර්ණ ගන්වා ජයග්‍රහණය යථාර්තයක් බවට පත් කිරීමට උර දුන් පුහුණුකරු වන්නේ අමිල චතුරංග මහතා ය.

තරගාවලියේ අවසන් අදියරේ දී Sri Lions කණ්ඩායම මෙම තරගාවලිය සිය ආධිපත්‍යයට යටත් කර ගත්හ.
ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගයේ දී ශ්‍රී ලයන්ස් පිල ලකුණු 28-24ක් ලෙස තියුණු ජයග්‍රහණයක් අත්කර ගත්හ.
එහි පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ දී ලකුණු 51-08 ක විශිෂ්ට ජයක් ලැබීමෙන් ඔවුන් ශූරතාව ලබා ගැනීමේ මාර්ගයට ප්‍රවේශ වූහ.  ගුවන් හමුදා චිප්මන්ක්ස් කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී ලකුණු 21-14 ක තියුණු ජයක් අත්කර ගනිමින් ඔවුන් කණ්ඩායම ජයග්‍රහණයේ මාවත කරා ඉදිරියට රැගෙන ගියහ.

යුද හමුදා කෝල්ට්ස් රග්බි කණ්ඩායම සමඟ පැවති තරගයේදී ද විශිෂ්ට දස්කම් දක්වන්නට ශ්‍රී ලයන්ස් කණ්ඩායම සමත් විය.
මීට අමතර ව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය සඳහා ද ශ්‍රී ලයන්ස්  කණ්ඩායම තම සහාය ලබා දීමට ඉදිරිපත් ව සිටී.
එහි ප්‍රථිපලයක් ලෙස  ප්‍රථම වරට ශ්‍රී ලාංකේය කාන්තා රග්බි ඇකඩමිය විවෘත කරන්නට ඔවුන්ට හැකි විය. ඒ හරහා
කැපී පෙනෙන පෙරළියක් සමඟින් ශ්‍රී ලංකාවේ කාන්තා රග්බි ක්‍රීඩාවට නව ආලෝකයක් ලැබිණි. ඊට අමතරව Sri Lions නෙට්බෝල් කණ්ඩායම ක්‍රියාත්මක වෙමින් පවතින අතර එය සමස්ත ශ්‍රී ලාංකික නෙට් බෝල් ක්‍රීඩක ප්‍රජාවට ප්‍රබල නව පිබිදීමක් වනු ඇත.එහි පළමු ජයග්‍රාහී පියවර ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර ආරාධිත නෙට්බොල් ශූරතා තරගාවලියක්  කොළඹ සෙන් ජෝසප් ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී 2024 මාර්තු මස 23/24 යන දෙදින තුළ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.එය ශ්‍රී ලාංකික නෙට් බෝල් ක්‍රීඩාව නව ඉසව්වක් කරා රැගෙන යන ඇරඹුමක් වනු නොඅනුමාන ය.

ක්‍රීඩාවට ආදරය, නොපසුබස්නා කැපවීම සහ උත්සාහය එසේ ම කණ්ඩායම් හැඟීම ශ්‍රී  ලයන්ස් කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස යි.  ඩුබායි සිට ශ්‍රී ලංකාව දක්වා කණ්ඩායමේ සක්‍රීය ක්‍රියාකාරීත්වය ව්‍යාප්ත වී තිබෙන්නේ ඒ නිසා බව නොරහසකි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ හැකියාවන් සේම ක්‍රීඩා ලෝලීන් ද මේ සියලු ජයග්‍රහණය හා සාර්ථකත්වයන් සඳහා නිරන්තර ව සහාය විය.
ශ්‍රී ලයන්ස් කණ්ඩායමට  ඔවුන්ගේ විශිෂ්ට  ජයග්‍රහණ මාලාව වෙනුවෙන් නැවතත් අපේ උත්තමාචාරය පුද කර සිටිමු !

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර T20 තරඟාවලිය අද
Next Article විදුලි ගාස්තුව 21.9% කින් අඩු වෙයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.