Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»විදුලි ගාස්තුව 21.9% කින් අඩු වෙයි
Sri Lankan news

විදුලි ගාස්තුව 21.9% කින් අඩු වෙයි

kumudikaBy kumudikaMarch 4, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදුලි ගාස්තු සියයට 21.9 කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (4) පස්වරුවේ සඳහන් කලේය.

එම විදුලි ගාස්තු සංශෝධනය අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මෙම ගාස්තු සංශෝධනයේදී අඩුම ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභීන් ලෙස සැළකෙන කාණ්ඩයට වැඩිම සහනය දුන් බවත් සභාපතිවරයා කීය.  

එම ගාස්තු සංශෝධනයේදී ඒකක 30 ට අඩු කාණ්ඩයේ ගාස්තුව සියයට 33 කින්, ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 28 කින්, ඒකක 61ත් 90ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 30 කින්, ඒකක 91ත් 180ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 24 කින් සහ ඒකක 180 ට වැඩි ගෘහස්ථ කාණ්ඩය ගාස්තුව සියයට 18 කින් අඩු කළ බව ද සභාපතිවරයා සඳහන් කර සිටියේය.

ආගමික ස්ථානවල ගාස්තුව සියයට 33 කින්, හෝටල් සහ කර්මාන්ත අංශවල ගාස්තුව 18% කින්, පොදු කාර්ය කාණ්ඩයේ ගාස්තුව 23% කින්, රාජ්‍ය අංශයේ ගාස්තුව 22 % කින් සහ වීථි ලාම්පු ගාස්තුව 20% කින් අඩු කළ බව ද ඒ මහතා කීය.

එහිදී ඒකක 30 ට අඩු කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට 150 දක්වා අඩු කර එහි ඒකක මිල රුපියල් 12 සිට රුපියල් 8 දක්වා ද, ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 360 සිට 300 දක්වා අඩු කර ඒකක මිල රුපියල් 30 සිට රුපියල් 20 දක්වා ද, අඩු කළ බවත් ඒකක 61ත් 90ත් අතර කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 480 සිට 400 දක්වා අඩු කර එහි පළමු ඒකක 60 දක්වා ඒකක මිල රුපියල් 38 සිට රුපියල් 25 දක්වා ද, ඒකක 60 සිට 90 දක්වා ඒකක මිල රුපියල් 41 සිට රුපියල් 30 දක්වා ද, අඩු කළ බවත් සභාපතිවරයා සඳහන් කළේය.

විදුලි ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1,180 සිට රුපියල් 1,000 දක්වා අඩු කර එහි ඒකක මිල රුපියල් 59 සිට රුපියල් 50 දක්වා ද, ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1,770 සිට 1,500 දක්වා අඩු කර එහි ඒකක මිල රුපියල් 59 සිට රුපියල් 50 දක්වා ද, ඒකක 180 ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 2,360 සිට 2,000 දක්වා අඩු කර එහි ඒකක මිල රුපියල් 89 සිට රුපියල් 75 දක්වා ද, අඩු කළ බව ද ඒ මහතා කීය.  

වහල මත සවිකල සුර්ය බලාගාර ඇතුළු පුනර්ජනනීය විදුලි බලාගාර හිමියන්ට කළ යුතු ගෙවීම් සහ හිග පොලී මෙම මස 31 වැනිදාට පෙර ගෙවන ලෙස ද කොන්දේසීයක් විදුලිබල මණ්ඩලයට පැනවූ බවත් 2030 වසර වන විට ඉලක්කගත පුනර්ජනනීය විදුලි ජනනය ළගාකර ගැනීම සදහා සැළසුම් සකස් කර ජුනි මස 30 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංවිමට තවත් කොන්දේසියක් ද පැනවූ බවත් ඔහු කීය.

ඉහත කොන්දේසී ඇතුළු කොන්දේසි  13 ක් මෙම ගාස්තු ක්‍රමය ක්‍රියාවට නැංවීමට සමගාමීව ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාවට නැංවිය යුතු බව ද මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම ගාස්තු සංශෝධනයේදී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනා සහ වියදම් දත්ත ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතිපාදනවලට අනුකූලව අධ්‍යනය සහ සමාලෝචනය කර අවසන් තීරණයට එළඹි බවත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය ජනවාරි මාසයේදී සියයට 3.34 කින් සහ පසුව පෙබරවාරි මස 22 වැනි දින ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත යෝජනාවකින් සියයට 14 කින් ගාස්තු අඩුකිරීමට යෝජනා කළ බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර තිබු වියදම් දත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කළ සමාලෝචන හා මහජන උපදේශනයේදී ඉදිරිපත් වු යෝජනා ද සැළකිල්ලට ගෙන සියයට 21.9 කින් සමස්ත විදුලි ගාස්තු අඩුකිරීමට කොමිෂන් සභාව කළ බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleSri Lions ක්‍රීඩා සමාජය  ශ්‍රී ලංකාවේත් තම අභිමානවත් අණසක පතුරවයි.
Next Article ඉන්ධන වර්ග තුනක මිල පහලට
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.