තවත් අංගසම්පූර්ණ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ගාල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කරමින් සිටින වන බව අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා සඳහන් කලේය.

ඊයේ (06) පෙරවරුවේ පැවති හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා මේ වන විට හබරාදුව ප්‍රදේශයෙන් ඉඩමක් සොයා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහයෝගය ද ලැබෙන බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

ඉදිකිරීමට නියමිත සියලු ජාත්‍යන්තර පහසුකම් වලින් යුතු මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දේශීය තරඟ සහ විදේශීය තරඟ සඳහා ද යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.