ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සමාලෝචන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය.

ඒ අනුව සති දෙකක පමණ කාලයක් සමාලෝචන කටයුතු පැවැත්වීමට නියමිත බව අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
එය 03 වන වාරිකය වෙත ප්‍රවේශයට මග පාදන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

Share.

Comments are closed.