රතු මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තුන්දෙනෙකු මියගොස් තිබේ. අමෙරිකානු ආරක්ෂක අංශ නිවේදනය කළේ, ඉන් තවත් 4 දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.

යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් ඔබ්බෙන් වූ මුහුදේදී බාබඩෝස් ධජය සහිතව යාත්‍රා කළ නෞකාවට ප්‍රහාර එල්ල වී තිබුණි.

ප්‍රහාරය එල්ල වනවිට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සහ පෞද්ගලික ආරක්ෂක සමාගම් විසින් යොමු කළ ආරක්ෂක සාමාජිකයින් තුන්දෙනෙකු සිට ඇත.

ඒ අතරින් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයින් වේ.
නේපාල ජාතිකයෙකු ද ඒ අතරට ඇතුළත් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

වියට්නාම ජාතිකයින් 4ක්, පිලිපීන ජාතිකයින් 15ක් සහ ඉන්දියානුවෙකු කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර වෙති.

අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කළේ, යාත්‍රාව ගිනි ගනිමින් ඇති බවයි.
නෞකාවේ සිටි සෙසු සාමාජිකයින් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා නොවන බව ද විදෙස් මාධ්‍ය පැවසීය.

නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලේ එම ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබා ගනිමින් ඇති බවය.

Share.

Comments are closed.