Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»“ජනාධිපති ධූරයෙන් මා නෙරපූ කුමන්ත්‍රණය ” පලමු මුද්‍රණය එළිදැක්වූ දාම විකිණී අවසන්
Sri Lankan news

“ජනාධිපති ධූරයෙන් මා නෙරපූ කුමන්ත්‍රණය ” පලමු මුද්‍රණය එළිදැක්වූ දාම විකිණී අවසන්

kumudikaBy kumudikaMarch 8, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත්‍රණය’ නම් කෘතිය ඊයේ දින එළිදක්වා පැය කිහිපයක් ඇතුළත පළමු මුද්‍රණය විකිණි අවසන් වී තිබේ.

ඊයේ පෙරවරුවේ වෙළඳපොළට නිකුත් වූ මෙම කෘතිය පස්වරුව වන විට විකිණී අවසන් වී තිබූ බව අලෙවි නියෝජිතයන් සඳහන් කරති.
මෙම තත්ත්වය මත එහි දෙවන මුද්‍රණය ද වෙළඳපළට නිකුත් කරමින් තිබෙන අතර තුන් වෙනි මුද්‍රණය සඳහාද කටයුතු සූදානම් කරමින් තිබේ.

“අරගලය උත්සන්න වීමත් සමග ආරක්ෂක හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය ජුනි මස 8 වැනිදා  ජනාධිපති මන්දිරයට ගෙන ඒමට තමා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට උපදෙස් දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මේ අනුව ආරක්ෂක ලේකම් යුද නාවික ගුවන් හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ජනාධිපති මන්දිරයේ මෙහෙයුම් මැදිරියට ගෙන්වා ගත්තද ඉන් ප්‍රතිඵලයක් අත් නොවූ බව ඔහු සඳහන් කළේය.”

මේ තොරතුරු සඳහන් වන්නේ ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය නමැති ගෝඨාභය රාජපක්ෂ මහතා ලියූ ග්‍රන්ථයේය.

ගාලු මුවදොර විරෝධතා ආරම්භ වී දින කිහිපයකට පසු කොටුව ජනපති මන්දිරය ඉදිරිපිට චෛත්‍ය පාර අත්පත් කර ගැනීමට විරෝධතාකරුවන් උත්සාහ කරන බවට තමාගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් තොරතුරු ලැබුණු බවත් මෙම තොරතුරු ලැබීමෙන් පසු චෛත්‍ය පාරට ඇතුළුවන පිවිසුම අවහිර කිරීමට ට්‍රක් රථ කිහිපයක් එම ස්ථානයට ගෙනවිත් රැඳවූ බවත්  මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.

මෙය සිදුවූ මොහොතේම යුරෝපීය තානාපතිවරුන් දෙදෙනකු මහත් කලබලයෙන් තමාට කතා කර විරෝධතා කරුවන් ගාලු මුවදොරින් පලවා හැරීමට සූදානම් වෙනවාදැයි විමසා සිටි බව පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා විරෝධතාකරුවන් ගාලුමෝදර රැඳී සිටිනු දැකීමට ඔවුන් තුළ දැඩි උනන්දුවක් තිබුණු බව ප්‍රකාශ කරයි.
තමා නෙරපීමට ගත් ක්‍රියාමාර්ග තුළ විදේශීය හස්තයක් ක්‍රියාත්මක නොවූ බවට විශ්වාස කළ හැක්කේ ඉතාමත්ම බොළඳ පුද්ගලයකුට පමණක් බව පවසන ගෝටාභය රාජපක්ෂ මහතා තමා බලයට පත්වීමම ඇතැම් විදේශ බලවේගවල මහත් කණගාටුවට හේතු වී තිබූ බවද අනාවරණය කලේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2033 වන විට එමිරාතිවරු 65,000ක් පුද්ගලික අංශයට ඒකාබද්ධ කිරීමට සැරසෙයි
Next Article ජනාධිපතිවරයා රාමසාන් උත්සවය වෙනුවෙන් සිරකරුවන් 735 දෙනෙකු නිදහස් කරයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.