අලුත්වැඩියා කටයුතු වලින් පසු ග්‍රහලෝකාගාරයේ දර්ශන වාර අද (13) සිට යළි පැවැත්වේ.

ඒ අනුව පාසල් දර්ශන අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පෙරවරු 10.00 ට ආරම්භ කෙරෙන අතර සෙනසුරාදා මහජන දර්ශනය පෙරවරු 10.00 ට ආරම්භ කරනු ලැබේ.

ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අලුත්වැඩියාවක් හේතුවෙන් පසුගිය මස 27 වැනි දා ග්‍රහලෝකාගාරය තාවකාලිකව වසා දැමුණි.

Share.

Comments are closed.