ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය හම්බන්තොට, ගොන්නෝරුව බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය සඳහා අදාළ ගිවිසුම අත්සන් කර ඇත.

ආයෝජකයන් 17 දෙනෙකුගෙන් සමන්විත එම ව්‍යාපෘතිය මෙගාවොට් 10 බැගින් බලාගාර 13ක්, මෙගාවොට් 5 බැගින් බලාගාර 4කින් සමන්විත බව සඳහන් වේ. මෙගාවොට් 150ක සමස්ථ ධාරිතාවයක් එමගින් නිෂ්පාදනය කිරීමට නියමිතය.

විදුලිබල මණ්ඩලයේ සම්මත විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම (SPPA) යටතේ නව ව්‍යාපාර ව්‍යුහයකින් අ‍මෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජකකින් මෙම ව්‍යාපෘතිය සහ එයට අවශ්‍ය සම්ප්‍රේෂණ පහසුකම් හා ජාල පද්ධතිය ද ආයෝජකයන් විසින් සංවර්ධන කරනු ලැබේ.

මෙම වසරේ මැයි මස වන විට ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොතු වන අතර, 2025 වසරේ දී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බව සඳහන් වේ.

Share.

Comments are closed.