මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳුනාගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බව ජාතික ක්ෂය රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය පැවසුවාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000ක් 5,000ක් පමණ මෙරට සමාජය තුළ සිටින බව ද ඇය ප්‍රකාශ කළාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඇය මේ බව ඊයේ (13) පැවසුවාය. “ඔව් අපට ක්ෂය රෝගය තුරන් කළ හැකී” යන්න මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමාවයි. මේ මස 24 වැනිදාට ලෝක ක්ෂය රෝග දිනය යෙදී ඇත.
ක්ෂය රෝගීන් දෙදෙනෙකු එක් දිනකදී මරණයට පත් වන බවත් කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය නිට්ටාවටම සුවපත් කර ගත හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.
සති දෙකකට වඩා පවතින කැස්ස, සවස් කාලයේ පවතින මඳ උණ පැවතීම, බර අඩු වීම, කෑම අරුචිය, රාත්‍රියට අධික ලෙස දහඩිය දැමීම, අධික තෙහෙටිටුව, හුස්ම ගැනීමේ අපහසුව, සෙම සමඟ රුධිරය පිට වීම යනාදිය පෙණහලුගත ක්ෂය රෝගයේ ලක්ෂණය.
ක්ෂය රෝගය සඳහා පරීක්ෂණයන් මෙරට සියලු දිස්ත්‍රික් ළය සායනයන්ගෙන් සහ රජයේ සෞඛ්‍ය ආයතනයන්ගෙන් නොමිලේ සිදු කරවා ගත හැකි බව ද ඇය පැවසීය. මෙරට වැඩි වශයෙන්ම ක්ෂය රෝගීන් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් වන අතර කෙළඔ දිස්ත්‍රික්කයේ කොළඹ මහා නගර සභා සීමාවෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ.