දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

මේ සඳහා පවතින උෂ්ණාධික කාලගුණය හේතු වී ඇතැයි සඳහන්‍ ය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුරුණෑගල , බදුල්ල හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක ඒ අතර වන බවයි.

ඒ අනුව, කුරුණෑගල ඒකක 102, බදුල්ල ඒකක 106 සහ අනුරාධපුර ඒකක 104, ලෙස වායු ගුණාත්මකභාවය පවතින බව සඳහන් වේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව අවදානයෙන් කටයුතු කරන ලෙස වගකිව යුතු ආයතන දැනුම් දෙන්නේය.

Share.

Comments are closed.