ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (18) දැනුම් දී ඇත.
ජනපතිවරණය වෙනුවෙන් සූදානම් වන්නැයි  ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය වෙත දැනුම්වත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී කැබිනට් මණ්ඩලයේ රැස්වූහ. මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණයද? ජනාධිපතිවරණයද? යනුවෙන් පැතිරෙන මතවාද සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන හෙයින් ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බවයි.

Share.

Comments are closed.