ලොව ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීම් වලට අනුව අඛණ්ඩව 7වැනි වරටත් ෆින්ලන්තය පළමු ස්ථානයට පත්ව ඇත.

මෙම වාර්තාවට අනුව දෙවන ස්ථානය ඩෙන්මාර්කයට හිමිව ඇති අතර තුන්වන ස්ථානය අයිස්ලන්තයට හිමිව තිබේ.
මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 128 වන ස්ථානයයි.

පළමු වරට බ්‍රිතාන්‍යය සහ ජර්මනිය මෙහි පළමු ස්ථාන 20 ට තේරී නොමැත. ඔවුන් පෙර වසරේදී ලබා ගත් ස්ථාන පිළිවෙළින් 12 සහ 13 වේ. එම ස්ථාන මෙවර කොස්ටාරිකාව සහ කුවේටය ලබා ගෙන ඇතැයි සදහන්ය.

මෙම වාර්තාවේ අවසන් ස්ථානයේ රැදී සිටින්නේ 2020 වසරේ සිට තලෙයිබාන් පාලනයට නතුව පවතින මානුෂීය ව්‍යසනයකින් පීඩා විඳින ඇෆ්ගනිස්ථානයයි.

රටවල් 143 ක වෙසෙන පුද්ගලයන්ගේ ප්‍රතිචාර භාවිතා කරමින් සකස් කර ඇති මෙම වාර්තාව වයස් කාණ්ඩ අනුව වෙන වෙනම ශ්‍රේණිගත කර ඇත. මේ සදහා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, නිදහස, ත්‍යාගශීලීභාවය සහ දූෂණය වැනි සාධක සැලකිල්ලට යොමු කර තිබේ.

Share.

Comments are closed.